එජාපයට ඕනෑ 20 සම්මත වෙන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවන්නයි – ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමි

අද එක්සත් ජාතික පක්ෂයට ඕන වෙලා තියෙන්නේ විසිවන සංශෝධනය සම්මත කරගන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව ගැන ගණන් හිලව් කියන්නෙත් ඒ පිළිබඳ මතභේදයක් ඇති කරලා මෙය සම්මත වීම වළක්වන්නයි.

අපි දන්නවා මේ වෙලාව රට වියවුල් මාවතකට යමින් ඉන්නවා. 20 සම්මත කරගන්න මේ ලැබුණු අවස්ථාව මගහැර පාර්ලිමේන්තුව විසුරවන්න එපා. ආණ්ඩුව නිසි විදිහට සැලසුම් කරලා විසිවන සංශෝධනය සම්මත කරගත යුතුයි. ජනපති අගමැති ඇතුළු කාටකාටත් ඒ වගකීමෙන් මග හරින්න බෑ.

දීපා වසන්ති එදිරිසිංහ


රනිල් අගමැති වුණේ රටේ පිනටයි විපක්ෂයේ පවටයි – හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනwajira
විපක්ෂය අද අගමැති රනිල්ට පිං අගමැති කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව තුළ 40ක් එකතුවෙලා. අගමැතිවරයෙක් පත් කරවලා මේ විදිහට රටක් පාලනය කරවන ලෝකයේ එකම අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා. මේකෙන් පේන්නේ විපක්ෂයේ තියෙන පවත් අගමැතිතුමාගේ තියෙන පුණ්‍යවන්ත බවයි. ජනතාවගේ පිනට තමයි මෙතුමා අගමැති වුණේ. එතුමා වැඩ කරද්දී පවුකාරයන්ට බලන් ඉන්න බැරි නිසා එක එක වැඩ කරනවා. එතුමාව එළවන්න.

ලලිත් කංකානම්ගේ – ගිංතොට / සමන් කුමාර – බුස්ස / සුනෙත් ගාල්ලගේ – ගාල්ල


අද වැඩියෙන් අමාරුවේ වැටී ඉන්නේ මමයි; සේරම බයිට් එකට ගන්නේ මාව – විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාnimal
අපි අවුරුදු දෙකක් තියද්දී ඡන්දෙකට ගියා. මොනවා කරන්නද අපි පැරදුණා. ඒත් බය වෙන්න එපා මේ ආණ්ඩුව කරපු දෙයක් නෑ. ජනතාව දැන් ආණ්ඩුව එළවන්න සූදානම්. ඒත් ඒකට අපි තාම සූදානම් නෑ. ඒක තමයි  තියෙන ප්‍රශ්නේ. නක්ෂත්‍රකාරයෝ තමයි අපිව කෑවේ. ඒකෙන් අද වැඩියෙන්ම අමාරුවේ වැටුණේ මම. ඔක්කොම මාව බයිට් එකට ගන්නවා. කාටුන් අඳිනවා. රනිල් ළඟට තල්ලු කරන්න හදනවා. මොන පි‍ලේද කියලා අහනවා. මම කිසිම පිලකට නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පි‍ලේ.


රනිල් දඟලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්ද කඩන්නයිම – ශ්‍රීලනිප මහ ‍ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා anura yapa abeywardena
රනිල් දඟලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්ද කඩන්න. එදා අපි ජේ.ආර්.ට බය වුණාද? නෑ. ප්‍රේමදාසට බයේ හැංගිලා හිටියෙත් නෑ. එහෙත් අපි රනිල්ට බය වෙයිද? අපි නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ආණ්ඩුවක් හදනවා. ඒක තමයි ජනතා තීන්දුව. එක්සත් ජාතික පක්ෂයට මේ රට පාලනය කරන්න අත්දැකීම් නෑ. එයාලට මේ රට සංවර්ධනය කරන්න අමාරුයි. යූ.ඇන්.පී.ය කඩා වැටුණු දේශපාලන පක්ෂයක්. ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදය නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටට වංචා නොකළ පක්ෂයක්.

ගාමිණී බණ්ඩාර – නෙළුම්දෙණිය


අද ඇත්තේ යහපාලකයන් හා කොල්ලකරුවන් අතර සටනක් – නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස sajith
අද තිබෙන්නේ යහපාලනයට පක්ෂ රජයක් සහ සහන විරෝධී කොල්ලකරුවන් පිරිසක් අතර පවතින අරගලයක්. ඒ අනුව අද රටේ ජනතාවට තෝරාගැනීමට සිදුවී තිබෙන්නේ පවුල් ලක්ෂ 35ක් වෙනුවෙන් සාධාරණය ඉටුකළාද වත්මන් රජයද ඊට එරෙහි නොම්බර එකේ දේශද්‍රෝහීන්ද කියලයි. හිටපු ජනාධිපතිතුමා මේ රටේ පාලකයා හැටියට රාජ සභාවේ ඉදිද්දී මේ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් ඒ රාජසභාව උණු වුණේ නැද්ද කියා මා අසන්නට කැමැතියි. එසේ නොවුණා නම් අද ඇයි ඒ දුප්පතුන් වෙනුවෙන් යමක් කරන්න හදද්දී ද්‍රෝහී වන්නේ ඇයි.


යුද්ධයට අපහාස කළ අය සමග යුද වීරයකුට විවාදයක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී
බන්දුල ගුණවර්ධන Bandula-Gunawardane
රටේ ආර්ථිකයේ විඳගන්න බැරි විනාශයක් මුදල් ඇමැති කරගෙන යනවා. මහින්ද ජනාධිපතිතුමා සියවසක් ඉස්සරහට අරං ගිය ආර්ථිකය අවුරුදු 25ක් පස්සට ගිහින් ආදායම් මාර්ග ලබාගන්න පනත් ගෙනැල්ලා නෑ. සල්ලි අච්චු ගහන පනත අපි පරාජය කළා. ගිනි ‍පොලියට ණය අරන්. රුපියල පහත වැටිලා. මේ ගැන කතා කරන්න එන්න කිව්වම මග අරිනවා. දැන් කියනවා මහින්ද මහත්තයාට විවාදෙට එන්නලු. මහින්ද කියන්නේ යුද වීරයෙක්. යුද්ධයට අපහාස කරපු අය එක්ක එතුමාට විවාදයක් නැහැ. විෂයානු බද්ධ දැනුමක් නැති ඇමැති සමගත් විවාද කර පලක් නෑ.


මෙවර අගමැති හා ඇමැතිවරු පත්වුණේ එව ඇමැති ක්‍රමයටයි – පාර්ලිමේන්තු මන්ත්‍රී
ඩලස් අලහප්පෙරුමdalas
මේ විදිහට ආණ්ඩුවක් පත්වුණේ ලෝකේ පළවෙනි වතාවට. අපි ඉගෙනගෙන තියෙනවා ඒහි භික්ෂුභාවයෙන් මහණ වෙනවා කියලා බුදු හාමුදුරුවෝ කාටහරි එව මහණ කිව්වාම හිසකෙස් කැපිලා සිවුරු පෙරවිලා පාත්තරයක් අරන් ක්ෂණියකින් ඒ පුද්ගලයා භික්ෂුවක් වෙනවා.

ඒ වගේ තමයි මේ ආණ්ඩුව. අගමැති ඇමැතිවරු පත්වුණේ ජනාධිපති දිවුරුම් දීලා එව අගමැති කිව්වම රනිල් අගමැති වුණා. එව ඇමැති කිව්වම ජෝන් ‍පොලිස් ඇමැති වුණා. එහෙම තමයි කට්ටිය පත්වුණේ.

ජී.එල්.ඩබ්. විජේගුණසේකර – කඹුරුපිටි


මට නඩු දැම්මේ දූෂිතයෝ; වැදගතකු ලවා නඩු දාගන්නයි උත්සාහය – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකRanjan Ramanayake
මේ කා‍ලේ ඉන්න කලකිරුණම ඇමැති මම. මගෙන් කෝටි 400ක් ඉල්ලලා නඩු දාලා තියෙනවා. ඒ නඩු සේරම දාලා තියෙන්නේ කිසිම වැදගත් කමක් නැති දූෂිතයෝ. ඒ හින්දා මට ලැජ්ජයි. ඉදිරියේදී මම වැදගත් මිනිහෙකුට කියලා නඩුවක් දාගන්නයි මම උත්සාහ කරන්නේ.

සුජිත් කෝනාර