අපි ජනපතිවරණයේදී බැලුවේ මහින්ද ගෙදර යවන එක විතරයි – ඇමැතිනී තලතා අතුකෝරාළthalatha athukorala
ජනාධිපතිවරණයේදී අපේ නායකතුමා තමන්ට ජනපති වෙන්න තිබුණු අවස්ථාව කැප කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 47ක් හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ජනාධිපති කළා. අපිට ඕනවෙලා තිබුණේ වංචා, දූෂණ කරපු මහින්ද රාජපක්ෂව ගෙදර යැවීම විතරයි. අපි ඒ වෙනුවෙන් එන ඕනෑම කෙනකුට සහයෝගය දෙන බවට තීරණය කළා. ඒකෙදි රෝහණ විජේවීර වළෙන් නැගිටලා ආවත් අපි එදා සහයෝගය දෙනවා. ජේවීපී. එකත් එක්ක අපට ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි ජනපතිවරණයේදී බැලුවේ මහින්ද ගෙදර යවන එක විතරයි.

සුජිත් කෝනාර


අද ආණ්ඩුව කෑලි හැලෙන පරණ කාර් එකක් වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනdinesh gunawardena
බලවත් යැයි කියාගත්තු ආණ්ඩුව අද පසුබසින්න පටන් අරන්. මහජනතාවගේ අයෝමය ශක්තිය ඉදිරියේ මූණ දෙන්න බැරි ආණ්ඩුවක් බවට පත්වෙලා. අද ආණ්ඩුව දණ ගහලයි තියෙන්නේ. මේ දණ ගහපු ආණ්ඩුව තවත් රටට විනාශයක් කරන්න කලින් ගෙදර යැවිය යුතුයි. අද කෑලි හැළෙන පරණ කාර් එකක් බවට ආණ්ඩුව පත්වෙලා. දොරවල් ගැළවෙනවා. විපක්ෂය ඉදිරියේ මූණ දෙන්න බැරි තත්ත්වයට අද ආණ්ඩුව පත්වෙලා.

මංජුල ප්‍රදීප් වීරසූරිය


පක්ෂය භේද කරන අයගේ ප්‍රකාශවලට මම උත්තර දෙන්නෙ නෑ – නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාලthilanga
කවුරු හරි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවට පටහැනිව කතා කරනවා නම්, පක්ෂයේ තීන්දුවට විරුද්ධව යනවා නම්, නායකත්වයට ගෞරවයක් නැත්නම්, පක්ෂ නායකත්වයේ තීන්දුව හෙළා දකිනවා නම් ඒ අයට විනයක් නෑ.

ඒ විනයක් නැතිව පක්ෂය භේද කරන කණ්ඩායම් කරන ප්‍රකාශවලට මම උත්තර දෙන්නත් කැමති නෑ. බහුතර බලයක් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනකුගෙන් ආණ්ඩුවක් හැදීමේ හැකියාව අපට තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ සාධකය බලපාන්නේ නෑ. ජාතික මැතිවරණයකදී ශ්‍රී ලංකා එකේ නායකත්වය දුන්නොත් ජය ගන්න බාධා නෑ. නමුත් අපිට පරදින්න පුළුවන් එකම විදිහකටයි. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ පක්ෂය දෙකට කැඩුවොත් විතරයි.

අමිල බණ්ඩාර-බුලත්කොහුපිටිය


මේ ආණ්ඩුවේ ඉන්නේ අලි ගිලපු කට්ටිය – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශwimal weerawansa
යහපාලන මහත්වරුනි, අපි නුඹලාගේ දඩයමට බය නම් මේ සටනේ කොඩිය අතට ගන්නේ නෑ. මේ රට තක්කඩි රැලකට ගිලගන්න අපි ඉඩ දෙන්නේ නෑ. සිරිසේන ජනපතිතුමනි, මහින්ද අගමැති කරන්න අපිට ඔබතුමාගේ සීල් එක අවශ්‍ය නෑ. තිබුණා වුණත් කම් නෑ. නොතිබුණාටද අවුලක් නෑ. ඒ කෙසේ වෙතත් අපි මහින්ද අගමැති කරනවාමයි. මේ ආණ්ඩුවේ ඉන්නේ අලි ගිලපු කට්ටිය. මංගල පින්සිරි හිතාගෙන ඇති අපි පුන්සිරිලා කියලා.

මංජුල ප්‍රදීප් වීරසූරිය


මෛත්‍රීට සභාපතිකම දීලා අද කකුලෙන් අදිනවා – අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරranjith-madduma-bandara
හිටපු ජනාධිපති සදාකාලිකව ඉන්න ගියා ජනාධිපති වෙලා. නමුත් ජනතාවගේ ඡන්දෙන් ගෙදර ඇරියා. අද පරාජිත දේශපාලනඥයා අගමැති වෙන්න උත්සාහ කරනවා. එතුමා තව මාසෙකින් දෙකකින් තියෙන මහ මැතිවරණයෙන් පැරදුණාම ප්‍රාදේශීය සභා මැතිවරණයටත් ඉල්ලයි.

මේ රටේ හිටපු ජනපතිවරු දෙපාර ඉල්ලලා පැන්ෂන් ගියා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පක්ෂ සභාපතිකම දීලා අද කකුලෙන් අදිනවා. මේ වැඩෙන් පක්ෂය දෙකඩ වෙනවා.

නයන කුමාර-මොනරාගල
එල්. ගුණපාල-දොඹගහවෙල


මේ ආණ්ඩුව ආඩි හත්දෙනාගේ කැඳ හැළියටත් එහා – ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නsamantha
මේ ආණ්ඩුව දැන් ආ¾ඩි හත්දෙනාගේ කැඳ හැළියටත් එහා. මොකද ආ¾ඩි හත්දෙනාගේ කැඳ හැළියේ වතුර හරි තිබුණා. මේකේ වතුරත් නෑ. 19 සම්මත කරපු දේ ක්‍රියාත්මක කරන්න බැරිවෙලා. 20 ගේන්න බැරිවෙලා.

රට ඉස්සරහට යන්නේ නෑ. අද ජනතා අපේක්ෂා බිඳ වැටිලා. මේ වෙනකොට මෛත්‍රී-රනිල් සීතල යුද්දේ පටන් අරගෙන. රට අරාජික වීගෙන යනවා. ඒ අස්සේ ප්‍රසිද්ධියේ වැඩි කරපු බඩු මිල දැන් හොරාට වැඩි කරනවා. මේකට හොඳම විසඳුම පාර්ලිමේන්තුව විසුරුවලා ජනතාවට අවශ්‍ය ආණ්ඩුවක් පත්කර ගන්න ඉඩදීමයි. මේක ජනතා ආණ්ඩුවක් ‍නෙවෙයි.

සුජිත් කෝනාර


යහපාලනය උගුලක් බව සනාථය – සමන් ඒකනායක
නව වැනිදායින් පසු මගේ රට අනාථය
යහපාලනය උගුලක් බව සනාථය
අයියෝ නටන හැම පදයම කුජීතය
නම්බුව පිටින් රට දුන්නොත් විනීතය.

යම පාලනේ යමපල්ලනි අහපල්ලා
දකුණේ වගේ රොක්වෙන තුරු නටපල්ලා
මැතිවරණයක් එනතුරු දැන් බලපල්ලා
ඉන්පසු බලව් වෙන දේ දෙවියන් පල්ලා

යහපාලනේ යමයින් දක්කා
පිස්සු නටයි හොර ගොල්‍ලේ අක්කා
කෙරුවත් බාධා අවහිර මක්කා
මහින්ද එනවා ජන ගඟ එක්කා

මංජුල ප්‍රදීප් වීරසූරිය


අපි 20ට බයත් නෑ; ඡන්දෙට බයත් නෑ – නියෝජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාසchampika
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එජාපයේ සහාය නොමැති බව කියමින් තැනින් තැන කෑ ගසා ගිය මයිනන්ට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අපි හොඳ උත්තරයක් ලබාදුන්නා. අක්කා පෙන්නලා නංගී දෙනවා වගේ විපක්ෂය 20 ගැන කිය කියා අගමැතිතුමාට විශ්වාස භංගයක් ගේන්න හදනවා. මේවා මහා විහිළු සහගත වැඩ. ඒක නිසා ඔය ඔක්කොටම කියන්න කැමැතියි අපි 20ට බයත් නෑ, ඡන්දෙට බයත් නෑ.

එරන්ද කුරුප්පුආරච්චි