අගමැති රකිනවාද නැද්ද යන තීරණය තියෙන්නේ ජනපති අතේ – බස්නාහිර එජාප
පළාත් සභා මන්ත්‍රී එස්.එම්. මරික්කාර් marikkar1
ඡන්දයක් තිබ්බොත් අද යූ.එන්.පීය දිනන්නේ උඩින්ම හුඟාක් අය ඒකට බයවෙලයි ඉන්නේ. මේ වෙනකොට යූ.එන්.පීය ජෙවිපිය ඉල්ලීම් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා. ඒත් විසුරුවන්නේ නෑ. නමුත් තව සුමාන දෙකකට වඩා ඇදගෙන යන්න බෑ. දින සියයට විතරයි ජනතාව මේ ආණ්ඩුවට ඉඩ දුන්නේ.

මේ විදියට රටක් දුවන්න බෑ. අද රට එක තැනක තියෙන්නේ. මෙහෙම වුණාම ජනතාවට යකා නගිනවා. මේ දේවල් මෙහෙම වෙන්න නොදී තමන්ව බලයට පත් කරපු අගමැති රකිනවාද නැද්ද කියලා ජනපතිතුමා තීරණය කරන්න ඕන.


පිටට මොන විදියට පෙනුණත් අපේ පක්ෂයේ සේරම සමගියි – බස්නාහිර එජනිස පළාත් සභා මන්ත්‍රීනි සමන්මලී සකලසූරියsamanmali-sakalasooriya
අපි නම් බය වෙලා නෑ ආණ්ඩු බලය තියාගෙන දින සීයයක් කියලා මොනවද එයාලා කළේ. ජනතාව රවට්ටපු එක විතරයි. දැන් එයාලා කරගන්න දෙයක් නැතුව විකාර දොඩවනවා. ඡන්දයක් තිබ්බොත් අපිට ‍නෙවෙයි යන එන මං නැති වෙන්නේ යූ.එන්.පීයට. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන රජය මේ රටට කරපු දේයි. මෙයාලා කරපු දේයි මේ රටේ ජනතාව හොඳට දන්නවා. අපේ පක්ෂයේ අසමගියක් නෑ. ඡන්දෙ ආවාම සියලු දෙනාම එකම වේදිකාවකට එද්දී යූ.එන්.පීයට තරු විසි වෙයි. පිටට මොන දේ පෙනුණත් මොන දේ කිව්වත් ඇතුළෙන් අපි තරම් සමගි පක්ෂයක් මේ රටේ නෑ.


ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට සභාපතිවරයකු නැති නිසා දකුණ අවුල් – දකුණු පළාත් සභාවේ සභානායක මනෝජ් සිරිසේනmanoj
මහ මැතිවරණයක් හරහා අගමැතිවරයා පත්වෙන එක තමයි සාමාන්‍ය ක්‍රමවේදය.  පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත තියෙන කෙනා තමයි අගමැති හැටියට පත්වෙන්නේ. මේ අගමැති පත්වීම නීත්‍යානුකූලවද කියල කියන්න මම නම් දන්නේ නැහැ.  අගමැතිවරයෙක් පත්වෙන මැතිවරණයක් නොවුණත් ආණ්ඩුවක් කොහොමහරි පත්වෙලා තියෙනවා. අද මාස 5 ක කාලසීමාවක් වෙලා තියෙනවා.  අපේ සන්ධාන රජයෙන් 2014 වසරේ අකුරැස්ස ආසනයේ ග්‍රාම සේවා වසම් 103 සංවර්ධනය කරන්න ලක්ෂ 4350 ක පමණ මුදලක් ලැබිල තිබුණා.

මැතිවරණයක් තිබුණ නිසා ලක්ෂ 700 ක පමණ මුදලක් පමණයි වැඩකරන්න පුඵවන් වුණේ.  ජන සභා තුළින් ගමේ මිනිස්සුන්ගේ මත විමසුමක් කරල තමයි මේ කර්මාන්ත තෝරාගත්තේ.  එතැන කිසිම දේශපාලනයක් තිබුණේ නැහැ. ජනතාවගේ අවශ්‍යතාවය අනුව තමයි තීන්දු තීරණ කළේ. අද මේ ඔක්කොම සංවර්ධන ඇනහිටලා තියෙනවා. මේ ගැන වර්තමාන රනිල් වික්‍රමසිංහ රජයට අපේ බලවත් අප්‍රසාදය ජනතාව වෙනුවෙන් පළකර සිටිනවා.

මේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක නොවන්න ප්‍රධාන හේතුව තමයි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට සභාපතිවරයෙක් පත්කරල නැති නිසා, මාස 05 කට අධික කාලයක් තිස්සේ සම්බන්ධීකරණ කමිටු අකර්මණ්‍යවෙලා තිබීමයි.  සම්බන්ධීකරණ කමිටුව මාස එකහමාරකට වරක් රැස්වුණා.  එක් එක් මැතිවරණ බලප්‍රදේශයට වගකියන සියලූම ආයතන නියෝජිතයින් සහභාගි වුණා.  එතැනදී සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රශ්න කතා කළා. ප්‍රදේශයේ විෂමාචාර සිද්ධීන් ගැන පොලිස් නිලධාරීන්ව දැනුම්වත් කළා. විසඳුම් ලබාදුන්නා.

අද ඒක නැවතිලා.  ආයතනවලින් කෙරෙන නොකෙරෙන වැඩ ගැන කතාකරන්න කෙනෙක් නැහැ.  තැනක් නැහැ. රජයේ නිලධාරීන්ටත් තමන්ට ඇතිවී තිබෙන ප්‍රශ්න ගැන කතා කරන්න , කියන්න කෙනෙක් නැහැ.  කඩිනම් තීන්දුවක් ගන්න තැනක් නැහැ.  මෙය බරපතළ ප්‍රශ්නයක්.  වහාම සභාපතිවරයෙක් පත්කරල සම්බන්ධීකරණ කමිටුව යළි ක්‍රියාත්මක කරන්න කියල අපි වර්තමාන රජයට බලකර සිටිනවා.  අක්‍රීය වූ සම්බන්ධීකරණ කමිටු සක්‍රීය කරන්නේ නැත්තේ ප්‍රශ්නවලින් මගහැරීමටදැයි සැකයක් මතුවෙනවා.   ආයතනවලින් අතපසුවන වැඩ ගැන මහජන නියෝජිතයින්ට ප්‍රශ්න කරන්න තියෙන අවස්ථාව අද නැතිවෙලා තියෙනවා.

මම නියෝජනය කරන අකුරැස්ස ආසනයේ සම්බන්ධීකරණ කමිටු 03ක් තියෙනවා. අකුරැස්ස , අතුරලිය , මාලිම්බඩ.  අකුරැස්ස ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එතුමා හරි ඇවිල්ලා, ජනතාව වෙනුවෙන් මේ කර්මාන්ත ටික කරන්න කියල අපි කියනවා. මේවයේ ගරුත්වය, අභිමානය කවුරු ගත්තත් කමක් නැහැ.  හැබැයි ජනතාව දන්නවා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ කාලයේදී ආරම්භ කළ ව්‍යාපෘතීන් බව.  පුරනැගුම ව්‍යාපෘති 03 ක් තියෙනවා. රජයන් මාරුවීම තුළ මේව නැවතිලා. ඒවා ඇන හිටලා.  මිලියන 14 ක් වියදම් කරල, අකුරැස්ස නව නගරය සඳහා භූමි සකස් කළා.  එතැනින් එහාට යන්න බැරි තත්ත්වයක් පැනනැගලා. නැවතිලා.

ජනතාවට බලවත් අසාධාරණයක් වෙලා. අකුරැස්ස ආසනයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර 04 ක් ඉදිකරලා අවසන් වෙලා බලාගෙන ඉන්නවා. තවම විවෘත කරන පාටක් නැහැ. අපි ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේවට මැදිහත් වෙලා සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්න කියල.  රාජ්‍ය නිලධාරීන් විසින් තෝරාගත්ත ෂ – ඍද්ා  ආසියානු සංවර්ධන බැංකු ණය හරහා මැනුම් කටයුතු කරල තිබුණා.  ඒවත් නැවතිලා.

අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙච්ච සංවර්ධනය නතර කරන්න එපා. සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනියන්න.  මේව කල්දාන්නද මම දන්නේ නැහැ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ගැටුම් නිර්මාණය කරගනිමින්, මැතිවරණයක් තියන්න කියල එක්සත් ජාතික පක්ෂය ගෙනයන මාධ්‍ය සංදර්ශනය ජනතාවගේ පැත්තෙන් අසාධාරණයක් බවයි අපි විශ්වාස කරන්නේ.

එස්. විජිත  අතුරලිය/ එස්. පී. උපුල්   අකුරැස්ස


ටියුෂන් ඉවට සේවය කරන ගුරුවරු නිසා අධ්‍යාපනය පිරිහිලා – වයඹ මහ ඇමැති  දයාසිරි ජයසේකර dayasiri
මහ ඇමැතිකම භාරගන්නකොට මට ඉතුරු කරලා තිබුණේ මිලියන එක්දාස් එකසිය හතළිහක් විතරයි. මම මහ ඇමැති කියලා ඒක වියදම් කෙරුවානම් නිකම්ම මහ ඇමැති වෙලා කිසි දෙයක් නොකර අද වෙන කොට ඉන්න තිබුණා. මම ඇමැතිකම භාර ගන්නකොට පාසල් දෙසිය දාසයකට වතුර තිබුණේ නෑ. අද වතුර නෑ කියලා හෝ වැසිකිළි නෑ කියලා කිසි කෙනකුට කියන්න බෑ.

මගේ සංකල්පයකට අනුව තමයි මෙම ගුරු විවේකාගාර හදාගෙන යන්නේ. හැබැයි මෙම ගුරු විවේකාගාර හැදුවා කියලා ඒවා තුළ ගුරුවරුන්ට අයිස් ගහන තැනක් එහෙම ‍නෙවෙයි මේක. පන්තිය ඉගෙනීම් කටයුතු කරලා නැවත පන්තියකට යනකොට හොඳ මානසික පැත්තක් හදාගෙන යන්න පුළුවන් විදිහටයි මේක හදලා තියෙන්නේ. මෙම පාසල්වල ඉතුරු අඩුපාඩු ටික හදා ගන්න මේ රජයෙන් ඉල්ලීම් කෙරුවත් තවම සත පහක් අපිට ලැබිලා නෑ.

මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියානම් ඒ ටික කොහොම හරි කරගන්න තිබුණා. මේ කලාපයේ විශාල ගුරු හිඟයක් තියෙනවා. මෙවර අධ්‍යාපනය යම් තරමක් දුරට මේ පාසල්වල පහළට ගිහිල්ලා තියෙනවා.

ඒ වෙන මොකවත් හින්දා ‍නෙවෙයි සමහර ටියුෂන් උගන්වන ගුරුවරු පාසල්වල ඉන්නවා ඒ අය ඒ ටික කරන්න ටියුෂන්වලට ඉව තියාගෙන ඒක පාසල්වල කරන්න හදන්න එපා. ඒ අයට මම හොඳට තමයි කියන්නේ. පාසල්වල අධ්‍යාපනය පහළට වැටුණාම ඒ සියල්ලගේ වැරැද්ද ඇමැතිවරයා විදිහට මගේ ඔළුවටයි වැටෙන්නේ. මෙහෙ තියෙන පාසල් එක් දහස් දෙසිය හතළිස් හතක් පමණ මගේ පාස‍ලේ විතරක් මිස වෙන අයගේ ‍නෙවෙයි. ඒ අය ඒවටත් රිංගන්න හදනවා.

දවසින් දවස ළමයි වැඩිවෙනවා වාගේ පාසලුත් වැඩිවෙලා තියෙනවා. මේ කිසි දෙයකට පසුගිය කා‍ලේ හරියට අත තියලා තිබුණේ නෑ. ඒත් මම මහ ඇමැතිකම භාර ගන්නවා.
පස්සේ තමයි මේ සියල්ල සොයලා ඉවර කරගෙන යන්නේ.

සමන් කුමාර – නිකවැරටිය