දේශපාලනයට ඇවිත් මම තිබුණු කොම්පැනියත් වහගත්තා – ඇමැති රාජිත සේනාරත්න rajitha
මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. මම රජයේ රස්සාව අතහැරලා සියලු දේ අතහැරලා දේශපාලනයට ආවා. අනික් හැම කෙනාම දේශපාලනයට ඇවිල්ලා මන්ත්‍රී, ඇමැති වෙලා කොම්පැනි ඇරියා. මම දේශපාලනය නිසා තිබුණු කොම්පැනිය වහගත්තා. මේ වගේ කැපකිරීම් කරගෙන ඇයි දේශපාලනයේ ඉන්නේ. අපි ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනපති කරන්නද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්නද? මොකෝ එයා මගේ අප්පච්චිද? අනෙක් කෙනා මගේ මාමණ්ඩිදනෑනේ. දැන් හුඟක් දේශපාලනය කරන්නේ එහෙමනේ. තාත්තා යනකොට පුතා එනවා. අර බූද‍ලේ ගන්නවා වගේ. ඒ යකා දන්නා දේශපාලනයක් නෑ. දේශපාලන හතර මායිමකටවත් ගිහිල්ලා නෑ. ඒත් බලය අතහැරපු නායකයෝ තමයි කීර්තියට පත් වුණේ.

නාලක සංජීව දහනායක


අගමැතිට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කරන්න කියලා අපි අභියෝග කරනවා – අමාත්‍ය  රවි කරුණානායකravi
විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට එරෙහිව ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් මන්ත්‍රීවරු දහ දෙනෙක් දොළොස් දෙනෙක් විතර අපේ ආණ්ඩුව සමග බොහෝම කිට්ටුවෙන් වැඩ කරන අය. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ නම් 104 ක් ඉදිරිපත් කරලා තියෙනවාලු. ඒත් අපිට ආරංචිවෙලා තියෙන්නේ නම් 81 යිලු තියෙන්නේ කියලා. ඒකෙන් මන්ත්‍රීවරු 15 ක් විතර කතා කරලා කියනවා අනේ මම මේකට නම් අත්සන් කරලා නෑ කියලා. ඒකෙන් බලනකොට මේ ව්‍යාජ අත්සන් යොදලා ලෝකෙට පෙන්නන්න හදනවා. අපි අභියෝග කරනවා එයාලට එයාලාගේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්න කියලා.


විශ්වාසභංගයට අත්සන් මදි නම් ඇයි විවාදයට බය – පාර්ලිමේන්තු මන්ත්‍රී
ජී. එල්. පීරිස් gl
දැන් මේ සේරම තීරණය වෙන්නේ විවාදයෙන්නේ. ඇයි විවාදයට බය. විශ්වාසභංගයට අත්සන් ප්‍රමාණවත් නැත්නම් ඒවා බොරු ඒවා නම්, කතා කරලා කියනවා නම් අපි නම් අත්සන් කළේ නෑ කියලා ඇයි විවාදෙට බය. ඒ එක්කම ඒ විශ්වාසභංගයට ගෙනාපු කරුණු ව්‍යාජ එකක් නම් ඒවත් ඔප්පු කරන්න පුළුවන් විවාදයේදී. ඒක ඒ නිසා විවාදයට දාන්න.


මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න එජාපය ඕනෑ වෙලාවක සූදානම් – අමාත්‍ය
විජයදාස රාජපක්ෂvijedasa
එක්සත් ජාතික පක්ෂය ඕනම වෙලාවක මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න සූදානම්. අපි මහ මැතිවරණයක් ඕනි කියන්න කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි දින සීයේ දී ‍පොරොන්දු වූ සියල්ල අපි ඉටු කළා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමේ පලක් නෑ. දෙවැනි කාරණේ තමයි අලුත් ජනපතිවරයා පත්වීමත් සමග රටේම ජනතාව බලන් ඉන්නවා සුපිරිසිදු උගත් ජනතාවගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් පත් කරගන්න.

මේ අගමැතිතුමාට විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ලා තියෙන්නේ දේශපාලන නොදරුවන්ගේ අමනෝඥ ක්‍රියාවක්. අදටත් එජාප පාක්ෂිකයන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිහින් වරප්‍රසාද භුක්ති විඳිමින් තම පක්ෂ නායකයාට විරුද්ධ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරලා. ඒකට තමයි අපි කියන්නේ නිවටකම කියලා.


අරාජිකත්වයෙන් රට ගලවාගන්න මේ හවුල් ආණ්ඩුවට බෑ – ජවිපෙ ‍ලේකම්
ටිල්වින් සිල්වාtilvin
අද රටේ ආර්ථිකය කඩාවැටිලා. උද්ධමනය ඉහළ ගිහින්. රටම අරාජික වෙලා තියෙන්නේ. මේ තත්ත්වයෙන් රට ගලවා ගන්නට හෝ විසඳුම් සෙවීමට එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වත්මන් හවුල් ආණ්ඩුවට පුළුවන්කමක් නෑ. 19 සම්මත කරගත් නමුත් එය බලාත්මක කරගන්න තවමත් නොහැකි වී තිබෙන්නේ මේ නොහැකියාව නිසයි. දින සියයේ දී ජනතාවට දෙනවායි කියපු ක්ෂණික සහන දීමටත් රජය අ‍පොහොසත් වෙලා තියෙනවා.

තිලක් පුෂ්පකුමාර


එජාපයත් ශ්‍රීලනිපයත් එකතුවෙලා තව අවුරුදු 15-20 ක් රට පාලනය කරනවා – අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල
අපි ඉදිරියේ දී මැතිවරණයක් පවත්වනවා. එජාපයත්, ශ්‍රීලනිපයත් එකතුවෙලා තව අවුරුදු 15 ක් විස්සක් මේ රට පාලනය කරනවා. ඒ ගැන කිසි සැකයක් නෑ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, අපි දේශපාලනය කරන්න බෙදිලා හිටියා ඇති. දැන් සියලු දෙනාම එකතුවෙලා රට දියුණු කරන්න ඕන. ඒ නිසා අපි තීන්දු කරලා තියෙනවා රටට අවශ්‍ය ජාතික ආණ්ඩුවක් හදලා අපි වාසි ගන්නේ නැතිව මේ රටේ ප්‍රශ්න විසඳන්න.

එල්. ගුණපාල දොඹගහවෙල/ නයන කුමාර – මොනරාගල


මහින්ද පන්සල් යාම වැරදි නම් ආණ්ඩුවේ සමහරු පන්සල්වලට 50,000 ගානේ බෙදීමත් වැරදියි – පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකsalinda
අපි බුදුදහම මත ‍පෝෂණය වූ මහා සංස්කෘතියක් ඇති රටක්. අද හිටපු ජනාධිපතිතුමා පන්සල්වලට යන එක ගැනත් එජාපය කට කැඩිච්ච කතා කියනවා. ඒ තරමටම අද එජාපය බංකොළොත් වෙලා.

ඒ වගේම ඔවුන් වැදිබණ දෙසා බෑමක්නේ කරන්නේ. වත්මන් ආණ්ඩුවේ ඉන්න සමහරු ඇමැතිවරු පන්සල්වලට යනවා විතරක් ‍නෙවෙයි, ගිහින් රුපියල් පනස්දාහ ගානේ බෙදනවා. එහෙම නම් ඒකත් වැරදියි. අද තියෙන්නේ කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කරගන්න න්‍යායක්. අද රට කැබලිවලට කැඩෙමින් තියෙනවා. සංවර්ධනය ඇණහිටි තත්ත්වයක් තියෙන්නේ. දිනූ සාමය අනතුරේ. මේ සත්‍යය රටට ලෝකයට පෙන්වා දෙන එක හිටපු ජනාධිපතිතුමා කරද්දී මේ අයට දිරව ගන්න බෑ.

දීපා වසන්ති එදිරිසිංහ


මේ දිනවල නිමල් සිරිපාලයි, මමයි තමයි ලෝකේ ඉන්න හොඳම යාළුවෝ දෙන්නා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාdilan perera
මේ දවස්වල නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂ නායකතුමයි, මායි තමයි ලෝකේ ඉන්න හොඳම යාළුවෝ දෙන්නා. එතුමාගෙන් අහන්නේ නැතිව මම මොකුත් කරන්නෙත් නෑ, මගෙන් අහන්නේ නැතුව එතුමා මොකුත් කරන්නෙත් නෑ. හැබැයි මේ නාම යෝජනා දෙනකම් විතරයිනේ. හැබැයි ආයිත් අපිව භේද කරවනවා. පෞද්ගලිකව නිමල් සිරිපාල ඇමැතිතුමාටත්, මටත් මනාප ක්‍රමය හොඳයි. ඇයි ආසනය පැරදුණත් දිස්ත්‍රික්කයේ මනාප ක්‍රමය දා ගත්තම එතුමා එක වෙනවා. මම දෙක වෙනවා. හැබැයි මනාප ක්‍රමය අහෝසි නොකරන්න 20 නොගෙනෙන්න යූඇන්පීය උත්සාහ කරනවා. මොකද එයාලට මනාප ක්‍රමය වාසියි කියලා හිතන් ඉන්නවා.