ජනතාව ඡන්දෙන් පරද්දපු කෙනා කොහොමද පස්සා දොරෙන්
අගමැති වෙන්නේ? – අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහranil
දැන් පිරිසක් එකතු වෙලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන්න දඟලනවා. ජනතාව ඡන්දෙන් පරද්දපු කෙනා කොහොමද දැන් පස්සේ දොරෙන් අගමැති කරන්නේ. ඒක  ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. ජනතාව තමයි තීරණය දෙන්න ඕන කවුද අගමැති කියලා. මෙතැන වරමක් නැති අයට ඒක තීරණය කරන්න බෑ. ජනතාවටයි ඒ වරම තියෙන්නේ. ඒ නිසා හොර පාරවල්වලින් ඇවිත් අගමැති විදියට මහින්ද රාජපක්ෂව පත් කරන්න කාටවත් පුළුවන් කමක් නෑ.


රනිල් මහත්තයාත් දැන් දේශපාලනයෙන් සමුගත යුතුයි  – නියෝජ්‍ය කථානායක
චන්දිම වීරක්කොඩිchandima-weerakkodi
මහින්ද එකපාරක් පැරදුණ නිසා ඊළඟ ඡන්දයට ඒම සුදුසු නෑ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා. එහෙමනම් 29 වතාවක් පැරදුණ රනිල් මහත්තයා ප්‍රාදේශීය සභාවකටවත් තරග කිරීමටවත් සුදුසු නෑ. දැන් රනිල් මහත්තයාගේ කට පණ ගහලා ඇවිත්. පාර්ලිමේන්තුවේදී නම් එතුමා වාසුදේව මන්ත්‍රීතුමාගෙන් හොඳ හැටි අහගත්තා. දැන් කියනවා මහින්දට ඡන්දෙ ඉල්ලන්න බැරිලු. එකපාරක් පැරදුණාලු. ජනතාව ජනපතිවරණයෙන් ගෙදර යැව්වාම ආයිත් එන්න ඕනි නැතිලු. ඒක එහෙම නම් රනිල් දැන් දේශපාලනයෙන් සමුගත යුතුයි.

 වී.ටී.එල්. නානායක්කාර – යක්කලමුල්ල


පැන්ෂන්කාරයෝ දැන් ආයේ දේශපාලනය කරනවා  – අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරranjith-madduma-bandara
20 වැනි සංශෝධනයට හැමෝම කැමැතියි ආසනයට මන්ත්‍රීවරයෙක් එනවට ඒ මන්ත්‍රීකමේ අලුත් ක්‍රමය හදන්න තේරීම් කාරක සභාවක් පත් කළේ මීට අවුරුදු 13කට කලින් යූ.එන්.පී. අපි අවුරුදු 10ක් සන්ධානේ බලයේ හිටියා තුනෙන් දෙකේ බලයක් තිබුණා. ඒත් ඒක වෙනස් කළේ නෑ. අපි දැන් 20 වැනි සංශෝධනය ගේන්න යනකොට ඒ අලුත් ක්‍රමයට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් සන්ධානයත් අද කකුලෙන් අදිනවා අගමැතිවරයට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැන් පැන්ෂන් යන්න ඕනි. පැන්ෂන්කාරයෝ දැන් ආයේ ඇවිල්ලා දේශපාලනය කරනවා දෙසරයක් කරලා ගෙදර යන්න ඕනි මනුස්සයා දැන් පන්සල් ගානේ යනවා. 20 වැනි සංශෝධනයත් කඩාකප්පල් කරන්න හදනවා ඒ අයට අපි කියනවා පැරණි ක්‍රමයට හෝ අලුත් ක්‍රමයට ආවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවනවා කියලා.

නයන කුමාර – මොනරාගල / එල්. ගුණපාල – දොඹගහවෙල


මේ ආණ්ඩුවේ ඇමැතිවරු වැඩ කරන්නේ ජනාධිපතිටත් උඩින් ඒකයි අපි අයින් වුණේ – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධනmahinda-yapa-abe-guna-wardhana
අපි අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට හිටපු ජනාධිපතිතුමාගේ කිසිම බලපෑමක් තිබුණේ නෑ. නමුත් එතුමන්ගේ පාලන කාලයේදී අපිට ලැබුණු වැඩකිරීමේ නිදහස, අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහයෝගය අපිට මේ රජයෙන්වත් අමාත්‍යාංශවල නිලධාරීන්ගෙන්වත් ලැබුණේ නෑ. අපිට අමාත්‍යාංශවලින් ඉවත්වීමට අන්න ඒ බලපෑම නම් අපිට තිබුණා. මේ රජය එක්ක අපිට වැඩ කරන්න බෑ. මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන ලැබිලා නෑ. කිසිම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවක් කැඳවලා නෑ. මේ ආණ්ඩුවේ ඇමැතිවරු ජනාධිපතිටත් උඩින් වැඩ කරනවා. මේ තරම් බොරු කියපු රජයක් තවත් නෑ.

නාලක සංජීව දහනායක


මැතිවරණයක් තිබ්බා නම් සන්ධාන මන්ත්‍රීවරුන්ට වෙන්නේ කෝපි කඩේ දාං
අදින්නයි  – නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්දdunesh-gankanda
ජනාධිපතිවරණය අවසන් වූ වේලාවේම අපි පාර්ලිමේන්තු ඡන්දයකට ගියා නම් අද මහින්ද කෙලින් කරන්න වීදි බහින සන්ධාන මන්ත්‍රීවරුන් ගොඩක් දෙනකුට විශ්‍රාම වැටුපත්, ආසනයත් දෙකම නැති වෙනවා. එහෙම වුණා නම් ඒ අයට සිද්ධ වෙන්නේ ගමේ කෝපි කඩේ   දාං අදින්නයි. ඒක නිසා මේ අය කරන්න ඕන මෛත්‍රී නමට පහන් දල්වන එකයි. පක්ෂ දේශපාලනයට වඩා ජාතික දේශපාලන න්‍යාය පත්‍රය අගයන ජනාධිපතිතුමයි අගමැතිතුමයි බල තණ්හාව අත්හැරලා මේ පවතින පාර්ලිමේන්තුව හරහා ව්‍යවස්ථා සංශෝධන ඇතුළු මහජන සුභසාධනයට අදාළ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න බොහෝ අවහිරතා මැද කටයුතු කළා.

නාලක සංජීව දහනායක


මම පෙණේ පුප්පගෙන එන කොට එයා ලිස්සලා ගියා  – පළාත් සභා මන්ත්‍රීනි
ගීතා කුමාරසිංහgeetha-kumarasinghe
මාත් එක්ක හැප්පෙන්න බෑ ඔය කාටවත්. හුඟාක් අය මාත් එක් හැප්පෙන්න ආවා. ඒ සේරම කිච වුණා. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි ආවා පෙණ ගොබේ පුප්පගෙන. මමත් පෙණේ පුප්පගෙන යද්දී එයා ලිස්සලා ගියා. ඊට පස්සේ රණවිරුවෙක් ආවා මාත් එක්ක හැප්පෙන්න.

එයාට ඇපත් නැති වුණා. මේ බෙන්තර ඇල්පිටියට මම කරපු වැඩ කවුරුත් කරලා නෑ. මම මගේ පෞද්ගලික මුදල් ලක්ෂ 800කට වඩා වියදම් කළා ජනතාව වෙනුවෙන්. ඔය කයිය ගහන ගයන්තලා අනුන් හදපු ඒවාට උප්පැන්න දෙන්න හදන අය අඩුම තරමේ බෝක්කුවකට මුල් ගලක් තියලා නෑ.

සුජිත් කෝනාර


මේ රට චාස්පාන් වෙන්න ඉඩ තියන්න එපා  – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ඒ.එච්.එම්. අස්වර් මහතා
පල්ලි සහ කෝවිල් කඩපු යුගය නැaswarත්නම් ඒ කන්ද දැන් පසු කරගෙන ගියා කියා සජිත් ප්‍රේමදාස මහතා කියනවා. නමුත් මං සජිත් ප්‍රේමදාස මහතාගෙන් අහන්නේ මොන කන්දේ ඉඳගෙනද බොරැල්‍ලේ පල්ලියට ගල් ගහලා තියෙන්නේ කියා. මොකද පසුගියදා බොරැල්‍ලේ පල්ලියට ගල් ගහලා තියෙනවා.

මේක කරන්න බෑ. අපි ඉවරයි. අපි ලබාගත්තු නිදහස එහෙම පිටින්ම කාබාසිනියා වෙනවා. ඒ කියන්නේ චාස්පාන් වෙනවා කියා. යාසිංගේ ශබ්ද කෝෂය අනුව එය අලුත් වචනයක්. මේ රට චාස්පාන් වෙන්නට ඉඩ දෙන්න එපා කියන එකයි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලුවේ.

මංජුල ප්‍රදීප් වීරසූරිය


මේ වෙලාවේ 20 කඩාකප්පල් කරනවා නම් ඒ ජනතා ද්‍රෝහියෝ – පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහnishantha
මේ වෙලාවේ විශ්වාසභංග ගෙනැත්, පාර්ලිමේන්තුව විසුරුවා හරින තැනට කවුරු හරි කටයුතු කරනවා නම් ඒ අය විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ පිරිසක් විදිහට තමයි අපිට හඳුන්වන්න වෙන්නේ.

අපි කාටවත් කියන්නේ නෑ විශ්වාස භංග ගේන්න එපා කියලා. ඒත් අපි කියන්නේ මේ වෙලාවේ විශ්වාසභංග ගෙනැත් මැතිවරණ ක්‍රමයේ වෙනසක් ජනතාවට හිමිවෙන්න තියෙන මේ අවස්ථාව මග හරින්න එපා කියලයි.

සම්මත කරගත් 19ය සම්පූර්ණ වෙන්නේ 20 වැනි සංශෝධනය සම්මත වීමෙනුයි. මේ වෙලාවේ 20 කඩාකප්පල් කළොත් ජනතාවට ද්‍රෝහිකම් කරන පිරිසක් විතරයි.

දීපා වසන්ති එදිරිසිංහ