ජනපති ආගමිකවතාවත්වල යෙදී සිටි අයුරු

පක්ෂ භේදය නිසා ගම රට බෙදී තිබෙන දේශපාලන සංස්කෘතිය අප වෙනස් කළ යුතු බවත් තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා, යූ. එන්. පී, ජේ. වී. පී. ආදී වශයෙන් කිසිදු වෙනස් කිරීමක් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (23) ‍පොළොන්නරුවේදී පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ‍පොළොන්නරුව, පුලස්තිගම ශ්‍රී ශාක්‍ය බිම්බාරම විහාරස්ථානයේ පැවති ජන හමුවක් අමතමිනි.

‍පොළොන්නරු තමන්කඩු දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක, පුලස්තිගම ශ්‍රී ශාක්‍ය බිම්බාරාමාධිපති පූජ්‍ය යටිහලගල උපතිස්ස නාහිමියෝ මෙහි මුලසුන හෙබවූහ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.
ඉස්සර නම් ‍පොළොන්නරුවේ වැඩක් කරන්න ගියාම පළවැනි ප්‍රශ්නෙ තමයි සල්ලි කෝ කියලා. පසුගිය අවුරුදු ගාණ ගත්තහම ලංකාවේ වාර්තාවක් පිහිටෙව්වා පාරවල් හදලා. හම්බන්තොට ගියාම ඔබ වහන්සේලා ඒවා දැකලා ඇති. අපේ හාමුදුරුවෝ කිව්වා චන්දන ‍පොකුණට එහා පැත්තේ හරිම අමාරුයි වාහනවලට යන්න බෑ කියලා.

දැන් ඒ වැඩ ටික මම පටන් ගන්නවා. මේ වන විටත් මම ඊයේ පෙරේදා දිසාපති තුමාට කථා කරලා මම කිව්වා දිස්ත්‍රික්කයේ කරන්න තියෙන වැඩවල ඔක්කොම සැලසුම් හදන්න ඇස්තමේන්තු කරන්න. මම මූලිකත්වය දෙන්නේ ඉස්සර වෙලාම පාසල් ටික අංගසම්පූර්ණ කරන්න. රෝහල් ටික අංගසම්පූර්ණ කරන්න ඕන. මම ‍පොළොන්නරුව මහ රෝහල හැදුවා. කොළඹ රෝහ‍ලේ ගාණට. නමුත් ග්‍රාමීය රෝහල් පළාත් සභාවට අයිති ඒවයේ අඩුපාඩු රාශියක් තිබෙනවා.

ඒක නිසා පාසල් ටික අංගසම්පූර්ණ කරලා, ග්‍රාමීය රෝහල් ටිකේ අඩුපාඩු ටික හදලා ඊළඟට ගම්වල තිබෙන ග්‍රාමීය ජල ප්‍රශ්නය, වකුගඩු රෝගයත් එක්ක අනෙක් පැත්තෙන් අපේ ගොවි ජනතාවගේ විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයේ තිබෙන ප්‍රශ්න. දැන් මේ ප්‍රදේශයේ ඈත කෙළවරේ කුඹුරු ටික මැරෙන එක අද ඊයේ වෙන දෙයක් ‍නෙවෙයි. මේකට පළවෙනි කාරණය ගිනිපෙට්ටි පාලම ගාව වතුර රොක් වෙන එක. එතනින් මෙහාට වතුර අදින්නේ නෑ. මම දැන් අවුරුදු තුනකට කලින් සැලැස්මක් හැදුවා ගිනිපෙට්ටි පාලම උඩින් එන පාර වහලා කුඹුක්කන් ආරුවෙන් පහළින් පාලමක් දාලා අලුත් පාරක් ගත්ත. මගේ මතකයේ හැටියට ඇස්තමේන්තුව ආවා මිලියන තුන්සිය ගාණක්. ඒ සල්ලි මට හම්බවුණේ නෑ.

නමුත් මම මේ අවුරුද්දේ පටන් ගන්නවා. ගිනිපෙට්ටි පාලම උඩින් එන පාර වහලා කුඹුක්කන් ආරුවේ පාල දාලා එතන ලොකුවට පාලම අරගෙන ගිනිපෙට්ටි පාලම සම්පූර්ණයෙන් අලුතින් හදනවා. මේ වතුර එතන රැඳෙන එක්රොක්වෙන එක නවත්වන්න. ඒ හැරෙන්න මේ ප්‍රදේශයට ජලය ගෙන ඒමට යම් වෙනත් අපහසුතාවයක් තමුන්නාන්සේලා ගොවි සංවිධාන විදියට මම යෝජනා කරනවා නම් මේ වැඩටික වෙන්න ඕන කියලා. මම ඒ වැඩ කටයුතු වහ වහා ආරම්භ කරන්න සූදානම්. ඉතින් ඒක නිසා ඒ සියලු සංවර්ධන අංශ සම්බන්ධයෙන් දැන් මම තමුන්නාන්සේලාට කියන්න බෑ. ඉස්සර ඇමැතිවරයෙක් කා‍ලේ වාගේ ඕවට සල්ලි නෑනේ.


“සමහර අය කියන්නේ අපි වෙන්වෙන්න ඕන, බෙදෙන්න ඕන.මේ රට දැන් අවුරුදු හැට හතකට ආසන්න කාලයක් එක්දහස් නවසිය හතළිස් අටේ ඉඳලා පක්ෂවලට බෙදිලා වැඩකෙරුවා. ඒ පක්ෂවලට බෙදිලා වැඩ කිරීමේ දී අපි දකිනවා යහපත් පැත්ත වගේම තිබෙන අයහපත් තත්ත්වයන්. ඒ නිසා  යහපත්  තත්ත්වයන් අපි සැලකිල්ලට අරගෙන ඒ යහපත් දේ කළ යුතුයි”

සල්ලි එන්නේ නෑනේ. මේව ඉහළ අයට කියන්න ඕන නේ. දැන් ඉතින් මම කාට කියන්නද? ඉතින් ඒක නිසා දැන් මම ඒවා කරන්න ඕන. එම නිසා ඒ වැඩ ටික මම කරනවා. ඊළඟට වෙහෙර විහාරස්ථානවල තිබෙන අඩුපාඩු පසුගිය අවුරුදු කිහිපය ගත්තහම අපි සෝමාවතී ඓතිහාසික රාජමහා විහාරය ෙචෙත්‍යය ඇතුළු ඒ අවට විශාල සංවර්ධනයක් රජයෙන් කළා. ඒ වගේම විශාල වශයෙන් දානපතීන් පරිත්‍යාගශීලීන් විශාල වැඩ කොටසක් කළා. තව සුළු වැඩ කොටසක් තමා සෝමාවතී ෙචෙත්‍ය ඉදිරි සංවර්ධන වැඩවලට තිබෙන්නේ.

දැන් මේ ‍පොසොන් ‍පෝයට අපි තවත් ව්‍යාපෘතියක් පටන් ගන්නවා. සෝමාවතී ෙචෙත්‍යය අවට මහජනයාගේ පහසුව සඳහා. ඒ කටයුතු පිළිබඳව මම ගිය මාසේ පටන් ගත්තා අපේ හාමුදුරුවනේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කටයුතු ටික. සම්පූර්ණයෙන් කැලෑ වැදිලා, වල්වැදිලා. කිසිම සංවර්ධනයක් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මේ ඓතිහාසික පූජනීය ස්ථානයේ සිදුවුණේ නෑ. දැන් මේ දවස්වල වේගයෙන් ඒ වැඩ ටික කෙරීගෙන යනවා.

මම ඉදිරි අවුරුද්දක් දෙකක් කාලය තුළ බලා‍පොරොත්තු වෙනවා දිඹුලාගලත් අංගසම්පූර්ණව ඒ පැමිණෙන ජනතාවටම අවශ්‍ය පහසුකම් එක්ක අවශ්‍ය ගොඩනැගිලි හදලා සම්පූර්ණ කරන්න.

ඊළඟට ඔව්. වහන්සේලා වැඩ සිටින වෙහෙර විහාරස්ථාන ගත්තම මම දන්නවා යම් යම් අඩුපාඩුකම් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මම කරන්න පුළුවන් උදව් උපකාර මට කළ හැකි කාර්යයන් විහාරස්ථානවල වැඩි දියුණුව සඳහා කිරීමටයි බලා‍පොරොත්තු වෙන්නේ. ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස හතේ ‍පොළොන්නරුව රාජකීය විද්‍යාලය හදපු ගාණට. දැන් රාජකීය විද්‍යාලය තමන්කඩුවටයි තිබෙන්නේ. තව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස හයයි තිබෙන්නේ.

මගේ නිල කාලය සීමාව තුළ හාමුදුරුවනේ මම බලා‍පොරොත්තු වෙනවා ‍පොළොන්නරුව රාජකීය විද්‍යාලය වගේ මේ ඉතිරි ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස හයේ ප්‍රධාන පාසල් හයක් ඒ තත්ත්වයට වැඩිදියුණු කරන්න. ඒකෙදි ලංකාපුර ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසය විදියට තෝරාගෙන තිබෙන්නේ. තමුන්නාන්සේලාගේ මේ විජිත මහා විද්‍යාලය පුලස්තිගම. ඒ අනුව මම බලා‍පොරොත්තු වෙනවා මේ පාස‍ලේ සංවර්ධන කටයුතු කරන්න හදිසියේම වාගෙයි මම තමුන්නාන්සේලා හමුවෙන්නට ආවේ.

එක් පැත්තකින් කළගුණ සැලකීමක් විදියට. මම ජනාධිපතිවරයා විදියට පත්කරන්න ‍පොළොන්නරුව ජනතාව විදියට ඡන්දෙ දෙන කොට ඉතාම විශිෂ්ට ජයග්‍රහණයක් මට මේ දිස්ත්‍රික්කයේ ජනතාව ලබාදුන්නා. නමුත් මම ජනාධිපතිවරයෙක් විදියට වැඩකරන කොට මම පක්ෂයක් බලන්නේ නෑ. මට ශ්‍රී ලංකා යූ. එන්. පී, ජේ. වී. පී. කියලා ජනාධිපති විදියට වැඩකරන කොට මම එවැනි වෙන් කිරීමක් කරන්නේ නෑ. මම කැමති මේ වගේ වේදිකාවලට මෙතන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයෝ ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය නායකයෝ ඉන්නවා. මට ඕනේ මෙහෙම වේදිකාවක්. මේකට සමහර අය විරුද්ධයි.

සමහර අය කියන්නේ අපි වෙන්වෙන්න ඕන, බෙදෙන්න ඕන.මේ රට දැන් අවුරුදු හැට හතකට ආසන්න කාලයක්, එක්දහස් නවසිය හතළිස් අටේ ඉඳලා පක්ෂවලට බෙදිලා වැඩකෙරුවා. ඒ පක්ෂවලට බෙදිලා වැඩ කිරීමේ අපි දකිනවා. යහපත් පැත්ත වගේම තිබෙන අයහපත් තත්ත්වයන්. ඒ නිසා  යහපත් පැත්තේ තත්ත්වයන් අපි සැලකිල්ලට අරගෙන ඒ යහපත් දේ කළ යුතුයි වගේම පක්ෂ භේදය තුළ රට බෙදිලා, ගම් බෙදිලා තිබෙන ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි.

ජනාධිපතිවරයා මෙදින පස්වරුවේ ‍පොළොන්නරුව ශාන්තිපුර ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ පවැති මෙවැනිම ජනහමුවකට සහභාගි විය.

රැස්ව සිටි පිරිසෙන් කොටසක්
රැස්ව සිටි පිරිසෙන් කොටසක්

අනුරාධ විශ්වනාත්