Friday, 25th April 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 24.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1500 විකුණුම් මිල (රු) 132.0300 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.0900 විකුණුම් මිල (රු) 222.2600 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.5000 විකුණුම් මිල (රු) 183.3100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.2500 විකුණුම් මිල (රු) 150.6000 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.4500 විකුණුම් මිල (රු) 120.3800 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 119.0600 විකුණුම් මිල (රු) 123.5500 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.3200 විකුණුම් මිල (රු) 105.6700 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2558 විකුණුම් මිල (රු) 1.2960

තංගල්ල ‘ද නේචර්’ හෝටලයේ සිදුවූ අවාසනාවන්ත සිද්ධිය කිසිදා සහමුලින්ම අමතක වන්නේ නෑ - කළමනාකාරිනී දිල්රුක්ෂි තරංගා අධිකරණයේ සාක්ෂි දෙමින් කියයි

වසර 27 රාජකාරි ජීවිතයේදී හා පෞද්ගලික ජීවිතයේදී ඉන් පෙර එවන් භයානක අවස්ථාවකට මුහුණපා නොසිටි තමාට තංගල්ල ද නේචර් හෝටලයේ පැවති නත්තල් සාදයේදී සිදුවූ එම අවාසනාවන්ත සිද්ධිය කිසිදා සහමුලින්ම අමතක වන්නේ නැතැයි එහි කළමනාකාරවරිය ලෙස සේවය කළ දිල්රුක්ෂි තරංගා පීරිස් (46) මහත්මිය කොළඹ මහාධිකරණය හමුවේදී සාක්ෂි දෙමින් ඊයේ (23) පැවසුවාය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 32

Read more...

අලූත් අවුරුදු සම්ප‍්‍රදාය සහ දේශපාලනය

ලංකාවේ ජීවත්වන අතර කී දෙනෙකු සිය නිවෙස් වසා දමා ඈත සංචාරක නිවාසවල මේ උත්සව සමය ගත  කරන්නට ඇද්ද? එය ජාතික සමගියට උත්සව අභිමානයට අහිතකරද? එසේ නම් සංචාරක හෝටල් අලූත් අවුරුදු සමයට ස්වදේශිකයන් සඳහා තහනම් කළ යුතුය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 23

Read more...

ලෝක තරුණ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම මුළු ආසියාවම ලැබූ ජයග්‍රහණයක් - ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ

හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී මැයි මස 06 වැනි දින ආරම්භ වන ලෝක තරුණ සමුළුවේ වැදගත්කම සම්බන්ධව ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ මහතා සමග ‘රිවිර’ කළ සාකච්ඡාවකි.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 42

Read more...

මෙවර ශ්‍රීපාද වන්දනාවට ලක්ෂ 25ක බැතිමතුන් පිරිසක් සහභාගි වුණා - ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි

මෙවර ශ්‍රීපාද වන්දනාව සඳහා ශ්‍රීපාදස්ථානය බලා වන්දනාකරුවන් ලක්ෂ 25කට ආසන්න පිරිසක් පැමිණි බව ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 50

Read more...

ජනාධිපතිවරණයට ‍පොදු අපේක්ෂකයෙක් එනවාට අපි විරුද්ධයි - එජාප වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ කැඳවුම්කරු ඩී.ඩී. ආනන්ද පාලිත

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ‍පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාට අපි විරුද්ධයි.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 193

Read more...

ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත දැන් මුළු ලොවම දන්නවා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර

ආණ්ඩුවේ සුදු අලි සංවර්ධන ක්‍රියා ගැන රටටත්, ජනතාවටත් හෙළිදරව් කිරීමට එක්සත් ජාතික පක්ෂයට වගකීමක් තිබෙනවා යැයි මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගියදා (22) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

Last Updated on Wednesday, 23 April 2014 18:25

Hits: 85

Read more...

රජය හා දෙමළ සන්ධානය අතර කතාබහට තෙවන පාර්ශ්වයක් එපා - ආචාර්ය ගුණදාස අමරසේකර

ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා පැවැත්වීමට තෙවැනි පාර්ශ්වකරුවකු ලෙස දකුණු අප්‍රිකාව හෝ වෙනත් ජාත්‍යන්තර ප්‍රජාවක් මැදිහත් වන්නේ නම් තමන් එයට තරයේම විරෝධය දක්වන බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවයි.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 66

Read more...

ලලිත් ඇතුලත්මුදලි නමැති ශ්‍රේෂ්ඨ දේශපාලනඥයාගේ මහ‍පොළ ශිෂ්‍යධාර ක්‍රමයෙන් දුප්පත් දරුවන්ට සෙත සැලසුණා - සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන

මහ‍පොළ ශිෂ්‍යත්වය පිළිබඳව කතා කරන විට මගේ මිත්‍ර දිවංගත ලලිත් ඇතුලත්මුදලි නාමය සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙන්.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 109

Read more...

කොන්ක්‍රීට් ඩයනෝසරයන් වෙනුවට ජීවමාන පරිසර පද්ධතියක් ගොඩනගමු - ඇමැති පාඨලී චම්පික රණවක

ඉදිරි වසර කිහිපයේදී රටේ සංවර්ධන ප්‍රමුඛතාව විය යුත්තේ අධිවේගී මාර්ග, වරාය, ගුවන් පාලම්, උස් ගොඩනැගිලි නොව ජල සම්පත සංරක්ෂණය යැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 101

Read more...

කලාකරුවන්ට විශේෂ හැඳුනුම්පතක් හා සරස්වතී විශ්‍රාම වැටුප් ප්‍රදානයක්ද කරනවා - සංස්කෘතික ඇමැති ටී.බි.ඒකනායක

කලාකරුවා පිළිබඳව ලෝකය දක්වන්නේ විශිෂ්ට ගෞරවයක්. ශ්‍රී ලංකා කලාකරුවන් විදේශගත වූ විට ඔවුන් මෙරට විශිෂ්ට කලාකරුවන් බව ලෝකයාට දැන ගැනීමට ඉඩ සැලැස්විය යුතුයි.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 58

Read more...

වික්ටෝරියාට පළමු විත්තිකරු පුටුවකින් තියා පැන්සලකින්වත් නොගැසූ බවට මම ‍පොලිසියේදී කිව්වේ නෑ

වික්ටෝරියා ඇලෙක්සැන්ඩා නමැති විදේශීය තරුණියට පළමු වන විත්තිකරු පුටුවකින් තියා පැන්සල් කොටයකින්වත් පහර දුන් බවට තමා තංගල්ල ‍පොලිසියට ලබා දුන් පළමු කටඋත්තරයේදී සඳහන් කර නොමැති බවට විත්තිය කරන යෝජනාව තමන් ප්‍රතික්ෂේප කරන්නේ යැයි බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කොට ඔහුගේ තරුණ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් කළ තරංගා පීරිස් නමැති සාක්ෂිකාරිය ඊයේ (22දා) කොළඹ මහාධිකරණය හමුවේදී සාක්ෂි දෙමින් පැවසුවාය.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 56

Read more...

සිවුරු දරාගෙන සිටින ඇතැමුන්ගෙන් බුද්ධ ශාසනය රැක ගැනීමේ වගකීම සිල්වත් භික්ෂූන්ගේ වගකීමක් - අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න කියයි

භික්ෂූන් වහන්සේගෙන් ඉතිහාසය පුරා රටට දැයට සිදුවුණු අපරිමිත සේවය රටේ ඉදිරි ගමනට මහත් පිටිවහලක් වුණා. සිල්වත් ගුණවත් නැණවත් දැනුමැති භික්ෂූන් වහන්සේගෙන් අදටත් ඒ සේවය ඒ ආකාරයෙන්ම සැලසෙන්නේ යැයි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා එසේ කීවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර හුරීකඩුවේ ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ පැවැති උත්සව සභාවක් අමතමිනි.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 144

Read more...

පේරාදෙණිය සරසවියේ සම සෞඛ්‍ය පීඨයේ ප‍්‍රශ්නය පිටුපස අන්තවාදී දේශපාලනයක් තිබෙනවා - ඇමැති එස්.බී. දිසානායක

සම සෞඛ්‍ය පීඨ සිසුන්ගේ ගැටලූව පිළිබ`දව එම සිසුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නැවත ඉදිරිපත් වුවහොත් එම සිසුන්ගේ ඉල්ලීම්වලට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව හා විශ්ව විද්‍යාලය එක`ග යැයි ශ්‍රේෂ්ඨාධිකරණයේදී ස`දහන් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මහනුවරදී පැවසීය.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 92

Read more...

මගේ නෑනා විශාල පිඟානක් එළියේ සිට ගේ ඇතුළට අරන් එද්දී දුවගෙන ආ පුතාගේ ඇඟේ හැපී පිඟාන කැඩී බෙල්ල කැපුණා

අපි සියලුදෙනාම 16 දා දහවල් 2.30ට විතර දහවල් කෑමට සූදානම් වුණා. මගේ නෑනා විශාල ප්‍රමාණයේ ‍පෝසි‍ලේන් පිඟානක් සෝදාගෙන එළියේ සිට ගේ ඇතුළට රැගෙන එද්දී පුතා ඇවිත් මවගේ ඇඟේ හැපුණා. එවිට පුතාගේ බෙල්ල පිඟානේ වැදිලා පිඟාන කැඩුණා. පිඟානේ කොටසක් වැදී දරුවාගේ බෙල්ල කැපී ගොස් තිබුණා යැයි ‍පෝසි‍ලේන් පිඟානක කොටසකට බෙල්ල කැපී මියගිය අට හැවිරිදි සිසුවකුගේ මරණය සම්බන්ධව කොළඹ ජාතික රෝහ‍ලේදී පැවති මරණ පරීක්ෂණයේදී සිසුවාගේ බාප්පා වන එම්. මල්ලිකාරච්චි (33) මහතා සාක්ෂි දුන්නේය.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 430

Read more...

දිල්රුක්ෂි දුව තරුණයකු සමග මෝටර් සයිකලයකින් යද්දී අනතුරට ලක්වෙලා කියලා දැනගන්න ලැබුණා - මරණ පරීක්ෂණයේදී මව සාක්ෂි දෙමින් කියයි

අවුරුද්දට අපේ ගෙදර ඇවිත් සිටි දිල්රුක්ෂි දියණිය 18 දා (සිකුරාදා) උදේ කීවා පන්ති යන්න තියෙන නිසා ගෙදර යන්න ඕනැ කියා. එසේ කියා උදේ අටහමාරට විතර නිවසින් ගියා. දහනව වැනිදා උදේ දැනගන්නට ලැබුණා දිල්රුක්ෂි දුව තරුණයකු සමග මෝටර් සයිකලයකින් යද්දී අනතුරට ලක්වෙලා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති බව. දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ඩී. ඇම්. විමලාවතී (45) මහත්මිය පැවසුවාය.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 484

Read more...

 

W»ly

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.