www.rivira.lk - online Sinhala Newspaper

 

 

දෛනික විනිමය අනුපාත  21.05.2013 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු)  124.7600  විකුණුම් මිල (රු) 127.8100 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු)  189.6500  විකුණුම් මිල (රු) 195.1900 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 159.9200  විකුණුම් මිල (රු) 165.2600 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු)  127.9700  විකුණුම් මිල (රු) 132.8800 ♦♦♦ ඩොලර් (කැනඩාව)  ගැනුම් මිල (රු) 120.8200  විකුණුම් මිල (රු)  125.1900 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු)   121.2800 විකුණුම් මිල (රු) 125.9600 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු)  98.8300 විකුණුම් මිල (රු) 102.2600 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2102 විකුණුම් මිල (රු)  1.2526

චෙන්නායි තරගවලින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉවතට

තමිල්නාඩු  මහ ඇමැතිනිය ජයලලිතා අගමැති මන්මෝහන් සිං ට යෑවූ ලිපියෙන් පසු රැස්‌වූ අයි.පී.එල්. තරග සංවිධායකයින් චෙන්නායි නුවර පැවැත්වෙන අයි.පී.එල්. තරගවලින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉවත් කිරීමට  තීරණය කර ඇත.මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණය ගත් බව එහි සභාපති රජිව් ශුක්‌ලා පවසයි.

Last Updated on Wednesday, 27 March 2013 11:10

Hits: 249

Read more...

අන්ධ ජන සේවා චෙස් ශූරතාව රණවිරු රත්නායකට

ශ්‍රී ලංකා අන්ධ ජන සේවා චෙස් සම්මේලනය සංවිධානය කළ සමස්ත ලංකා දෘශ්‍යාබාධිතයන් සඳහා වු චෙස් තරගාවලියේ ශූරතාවය දෙවැනි වරටත් හිමිකර ගැනීමට රණවිරු කෝප්‍රල් එච්.ආර්.රත්නායක සමත්විය.

Last Updated on Tuesday, 26 March 2013 10:14

Hits: 66

Read more...

ක්‍රීඩා කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට යයි

ජාතික ක්‍රීඩා කෞතුකාගාරයක් ස්ථාපිත කිරීම සඳහා උපදේශක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පියවර ගෙන තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේය.

Last Updated on Monday, 25 March 2013 16:15

Hits: 85

Read more...

අයි.පී.එල්. ගැන ඉන්දියාවෙන් සහතිකයක්

ඉන්දීය ප්‍රීමීයර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් යොමු කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එම තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ සහතිකය ලැබී ඇති බව එහි ලේකම් නිශාන්ත රණතුංග ම ප්‍රකාශ කළේය.

Last Updated on Monday, 25 March 2013 15:58

Hits: 324

Read more...

රුහුණු නිල් මහ සටන විසදුමක් නෑ

මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේදී පැවැති ශාන්ත සර්වේශස් සහ ශාන්ත තෝමස් විද්‍යලාන්තර 113 වැනි වාර්ෂික රුහුණු නිල් මහ සටන ජය පරාජයෙන් තොරව අවසන් වේ.

මෙම තරගයේ අවසන් දිනයේ ශාන්ත තෝමසුවන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 201ක ඉලක්කයක් ලැබුණි. තරගය නිමා වීමට පන්දු ඕවර කිහිපයක් තිබියදී දෙපිලේ ක්‍රීඩකයන් කඩුලු ගලවා ගැනීම නිසා තරගය අතරමග නතර කර දැමිමට විනිසුරුවන්ට සිදු වූහ. ඒ වන විට ශාන්ත තෝමස් විද්‍යාලය ලබා සිටියේ කඩුලු 7ක් දැවී ලකුණු 118කි.

Last Updated on Monday, 25 March 2013 18:54

Hits: 115

Read more...

අයි.පී.එල්. තරග තමිල්නාඩුවෙන් පිටත පැවැත්වීමේ ඉල්ලීමක්

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගිවන තරග‍අයි.පී.එල්. තරග කාලසටහන අනුව චෙන්නායි නුවර පැවත්වීමට නියමිත වුවත් ඒ තරග වෙනස් කිරීම සම්බන්ධව තරග සංවිධායකයන්ගේ අවධානය යොමුවී ඇත.එළැඹෙන ඉන්දියා ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගිවන තරග තමිල් නාඩු ප්‍රාන්තයෙන් පිටතට ගෙනයාමේ සූදානමක් ඇතැයි වාර්තාවේ.

Last Updated on Monday, 25 March 2013 11:38

Hits: 251

Read more...

බඹරුන් මැච් එකට ඇවිත් තරගය මිනිත්තු කිහිපයක නතරවෙ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්‌දින තරගය අතරතුරදී බඹරුන් රෑනක්‌ ක්‍රීඩාංගණය අවට සැරි සැරීම මත තරගය මිනිත්තු කිහිපයක නතර කෙරිණි.

Last Updated on Monday, 25 March 2013 11:43

Hits: 141

Read more...

තරග පාවා දුන් නදීර් ක්‍රිකට්‌ විනිසුරු නදීර් ෂා ට වසර 10 ක තහනමක්‌

මුදලට තරග පාවාදුන්නේ යෑයි චෝදනා එල්ල වී සිටි බංග්ලාදේශ ක්‍රිකට්‌ විනිසුරු නදීර් ෂා හට වසර 10 ක තරග තහනමක්‌ පැනවීමට බංග්ලාදේශ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය තීරණය කර තිබේ.

Last Updated on Sunday, 24 March 2013 08:00

Hits: 122

Read more...

සරසවි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රු. ලක්‍ෂ 75 ක ක්‍රීඩා භාණ්‌ඩ

මෙරට විශ්වවිද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා වැඩි දියුණුකිsරීමේ අරමුණින් රුපියල් ලක්‍ෂ 75 ක්‌ වටිනා ක්‍රීඩා භාණ්‌ඩ තොගයක්‌ ඉකුත්දා උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ක්‍රීඩා ප්‍රධානීන්ට බාර දුන්නේය.ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල 14 කට අදාළ ක්‍රීඩා භාණ්‌ඩ පිරිනැමිණි.

Last Updated on Saturday, 23 March 2013 15:00

Hits: 63

Read more...

ගල්කිස්‌ස විද්‍යා විදුහල රාජකීය විදුහල පරාජය කරයි

සිංගර් අන්තර් පාසල් ලීග් රගර් තරගාවලියේ පෙරළියක්‌ ඇති කරමින් කොළඹ රාජකීය විදුහල ලකුණු 36 - 19 කින් පරාජය කිරීමට ගල්කිස්‌ස විද්‍යා විදුහල සමත් විය. මෙම තරගය කොළඹ රාජකීය විදුහල් රගර් පිටියේදී පැවැත්විණි.

Last Updated on Saturday, 23 March 2013 10:54

Hits: 99

Read more...

ආසියානු ඔලිම්පික්කමිටුවේ කළාපීය සමුළුව අද‍ (22) කොළඹදි ඇරඹින

ආසියානු රටවල් සාමාජිකත්වය දරණ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ බටහිර මධ්‍යම හා දකුණු ආසියානු රටවල ඔලිම්පික් කමිටු සහභාගී වන කළාපීය සමුළුව අද (22)  කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී ඇරඹුන අතර, එය හෙට දිනයේදී ද එම හෝටලයේදී පැවැත්වීමට ආසියානු ඔලිම්පික් කමිටුව කටයුතු යොදා ඇත.

Last Updated on Friday, 22 March 2013 16:48

Hits: 62

Read more...

කිංග්ස්‌වුඩ් සහ ධර්මරාජ කඳුරට මහ ගැටුම අස්‌ගිරියේදී

එකසිය හත්වැනි මහනුවර කිංග්ස්‌වුඩ් සහ ධර්මරාජ දෙවිදුහල් අතර "කඳුරට මහ ගැටුම" ක්‍රිකට්‌ මහ තරගය අද සහ හෙට (22, 23) මහනුවර අස්‌ගිරිය අන්තර්ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙදිනම පෙ.ව. 10.00 ට තරගය ආරම්භ කෙරේ.

Last Updated on Friday, 22 March 2013 15:00

Hits: 119

Read more...

එම්.ජේ.එම්.ලාෆීර් අනුස්මරණ බිලියඩ් හා ස්නූකර් තරග 25සිට

හිටපු බිලියඩ් ක්‍රීඩක එම්.ජේ.එම්.ලාෆීර් අනුස්මරණ බිලියඩ් හා ස්නූකර් ශූරතාවලිය මේ මස 25වැනිදා දෙමටගොඩ එම්.අයි.සී.එච්.බිලියඩ් ශාලාවේ දී ආරම්භ වේ. මුවර්ස් ඉස්ලාමික් සංස්කෘතික මධ්‍යස්ථානය මගින් 9වැනි වරටත් සංවිධානය කරන මේ ශූරතාවලිය ලබන අප්‍රේල් මස 6වැනිදා දක්වා පැවැත්වේ. ස්නූකර් ක්‍රීඩකයන් 125දෙනකු හා බිලියඩ් ක්‍රිඩකයන් 25දෙනකු මේ වනවිටත් තරගාවලියට ඉදිරිපත් වී සිටිති. තරගාවලියේ අවසන් අදියරේ දී ඉන්දියා ක්‍රීඩකයන් ද සහභාගිවීමට නියමිතය

Last Updated on Friday, 22 March 2013 13:00

Hits: 59

Read more...

ආසියා කලාපීය ඔලිම්පික් මහ සමුළුව මුල්වරට ශ්‍රී ලංකාවේදී අද - ක්‍රීඩා සංවර්ධනය ගැන හේමසිරිගෙන් විශේෂ දෙසුමක්

ආසියානු ඔලිම්පික් කමිටුවේ කලාපීය මහා සමුළුව සිනමන් ලේක් හෝටලයේදී අද ආරම්භ වෙයි. පළමු වරට ශ්‍රී ලංකාවට ලැබුණු විශේෂ අවස්ථාවක් ලෙස සැලකෙන ආසියානු ඔලිම්පික් කමිටු කලාපීය මහා සමුළුවේදී වසර 2017 හම්බන්තොට ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක්ද සිදු කිරීමට නියමිතය.

Last Updated on Friday, 22 March 2013 12:24

Hits: 51

Read more...

108වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ 22-23 ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ දී - රිච්මන්ඩ් විදුහල වසර 43 කට අනතුරුව ජයග්‍රහණයට මාන බලයී

ගාල්ල රිච්මන්ඩ් විදුහලත්, මහින්ද විදුහලත් අතර 108වැනි වරටත් පැවැත්වෙන‘ආදරවන්තයන්ගේ සටන’ ලෙස හඳුන්වන මහා ක්‍රිකට් තරගය හෙට (22) සහ අනිද්දා (23) ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

Last Updated on Thursday, 21 March 2013 13:44

Hits: 182

Read more...

W»ly

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.