www.rivira.lk - online Sinhala Newspaper

 

 

දෛනික විනිමය අනුපාත  20.05.2013 » ඩොලර් (එක්සත් ජනපදය)  ගැනුම් මිල (රු) 124.7500  විකුණුම් මිල (රු) 127.8000 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 188.9600 විකුණුම් මිල (රු)  194.4700 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 159.2800  විකුණුම් මිල (රු) 164.6000 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය)  ගැනුම් මිල (රු) 127.5800 විකුණුම් මිල (රු)  132.4700 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 120.5700 විකුණුම් මිල (රු)  124.9400 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 121.0600 විකුණුම් මිල (රු) 121.0600 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 98.8000 විකුණුම් මිල (රු) 102.2300 ♦♦♦යෙන් (ජපානය) ගැනුම් මිල (රු)  1.2075 විකුණුම් මිල (රු)  1.2499

තරග පවාදීමේ චෝදනාලත් ඉන්දිය ක්‍රීකට් තිදෙනාට ජිවිතාන්තය දක්වා තරග තහනමක්- ඉන්දිය ක්‍රීඩාලෝලීන් පවසයි

අයි.පී.එල් තරගාවලියේ දී තරග පවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඉන්දිය ක්‍රීකට් ක්‍රීඩකයන් තිදෙනාට ජිවිතාන්තය දක්වා තරග තහනමක් පනවන ලෙස එරට ක්‍රීඩාලෝලීන් පවසයි.

Last Updated on Monday, 20 May 2013 15:13

Hits: 126

Read more...

අන්කීට් චවාන් සිය වරද පිළිගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය දක්වයි

අයිපීඑල් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩක අන්කීට් චවාන් සිය වරද පිළිගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වල දැක්වේ.

Last Updated on Monday, 20 May 2013 13:15

Hits: 128

Read more...

ටෙන්ඩුල්කාර්ගේ මුහුණේ රුවට රත්රන් කාසියක්

ඉන්දීය සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ මුහුණේ රුව සහිත රත්රන් කාසියක් එරට ස්වර්ණාභරණ සමාගමක් විසින් නිර්මාණය කර ඇත. එම ස්වර්ණාභරණ සමාගම පැවසුවේ ටෙන්ඩුල්කාර්ගේ මුහුණේ රුව සහිත කාසි නිෂ්පාදනය කරන්නේ ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් බවයි.

Last Updated on Monday, 20 May 2013 12:21

Hits: 73

Read more...

ඩේවිඞ් බෙකම් සිය 20 වසරක පාපන්දු දිවියෙන් සමුගැනීමට යයි

ලොව ජනප්‍රියතම පාපන්දු ක‍්‍රීඩකයෙකු වන ඩේවිඞ් බෙකම් සිය 20 වසරක පාපන්දු දිවියෙන් සමුගැනීමට සූදානම් බව වාර්තා වේ.මේ වන විට 38 වියේ පසුවන බෙකම් ප්‍රකාශ කර තිබුනේ මෙවර ක‍්‍රීඩා වාරයෙන් පසු තමා වෘත්තීයමය පාපන්දු ක‍්‍රීඩාවෙන් සමුගන්නා බවයි.

Last Updated on Monday, 20 May 2013 12:19

Hits: 60

Read more...

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් තරග ජුනි

අවසන් වටයට එළැඹ ඇති ජනාධිපති රන් කුසලාන අන්තර් සමාජයීය වොලිබෝල් තරගාවලියේ (පිරිමි සහ කාන්තා) අවසන් තරග ලබන ජුනි තුන්වැනි සතියේ හුංගම විජයබා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විධි විධාන යොදා ඇත.

Last Updated on Friday, 17 May 2013 19:51

Hits: 49

Read more...

තරග මුදලට පාවාදීමේ චෝදනා මත ශ්‍රීශාන්ත් ඇතුළු ක්‍රීඩකයන් තිදෙනෙකු අත්අඩංගුවට

අයි.පී.එල්.තරග මුදලට පාවාදීමේ චෝදනා මත ඉන්දියා ක්‍රිකට් පිලේ හිටපු වේගපන්දු යවන්නකු වූ ශ්‍රීශාන්ත් ඇතුළු ක්‍රීඩකයන් තිදෙනෙකු දිල්ලි පොලිසිය මගින්  අත්අඩංගුවට ගත් බව ක්‍රිකට් බලධාරීහූ ප්‍රකාශ කළහ.

Last Updated on Friday, 17 May 2013 16:50

Hits: 171

Read more...

දිමුත් කරුණාරත්නගේ ශතකය නිසා ශ්‍රී ලංකා ඒකාබද්ධ පිලට ජය

වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ඒකාබද්ධ පිල සමත්විය.

Last Updated on Thursday, 16 May 2013 14:00

Hits: 384

Read more...

ත්‍රිත්ව සමග පෙරමුණ ගැනීමේ සටනට ධර්මරාජ විදුහල

අන්තර් පාසල් වයස අවුරුදු 20 න් පහළ සිංගර් ලීග් රග්බි තරගාවලියේ හය වැනි සති අන්තය නිමා වන විට ප්‍රසාද ලකුණු 30 ක්‌ලබා ගනිමින් තවදුරටත් පෙරමුණ රැක ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්ව සිටියි.

Last Updated on Thursday, 16 May 2013 12:06

Hits: 184

Read more...

වසරේ හොඳම එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා මැට් ප්‍රියර්

එංගලන්ත ක්‍රිකට් පිලේ මැට් ප්‍රියර් වසරේ හොඳම එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත්විය. සසෙක්ස් ප්‍රාන්ත පිලේ කඩුලු රකින්නා වන ප්‍රියර් කඩුලු රකින්නකු ලෙසත්, පිතිකරුවකු ලෙසත් පසුගිය වසරේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් මේ සම්මානයට පාත්‍රවිය.

Last Updated on Thursday, 16 May 2013 11:05

Hits: 91

Read more...

උගන්ඩාවේ ක්‍රිකට් නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීනයින්ගේ සහය

උගන්ඩාවේ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ උත්සව අවස්ථා කිහිපයකට සහභාගී විය. දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කර ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට ඇති හැකියාව හා දක්ෂතා ඔප් නැංවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීනයින්ගේ සහය ලබාදීමට ජනාධිපති ජනාධිපතිතුමා මෙහිදී එකඟවී තිබේ.

Last Updated on Wednesday, 15 May 2013 15:15

Hits: 227

Read more...

අශාන් හා ගයාන්ට සීගිරිය රැළි ක්‍රොස් ජය

සුපර් ක්‍රොස් ධාවන තරග බිමේ වඩාත් තියුණු තරගාවලියක ත්‍රාසජනක අත්දැකීම් ක්‍රීඩාලෝලීන්ට අත්කර දුන් සීගිරිය රැළි ක්‍රොස් තරගාවලියේ හොඳම මෝටර් රථ ධාවකයාට හිමි සම්මානය දිනාගැනීමට ප්‍රබල ධාවන ශූර අශාන් සිල්වා සමත්විය.

Last Updated on Wednesday, 15 May 2013 13:11

Hits: 66

Read more...

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට නව නේවාසිකාගාරයක්

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට පහසුකම් සපයන නව නේවාසිකාගාරයක් ටොරින්ටන්හී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඉදිකරමින් පවතී. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි ඉදිවන මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ වසරේ අගභාගය වනවිට නිම වීමට නියමිතය.

Last Updated on Wednesday, 15 May 2013 11:39

Hits: 74

Read more...

නායක මහේන්ද්‍ර සිං දෝනි නිසා චෙන්නායි පිල පෙරමුණට

අයි. පී. එල්. තරගාවලියේ 64 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර (14 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 33 ක ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.

Last Updated on Wednesday, 15 May 2013 11:21

Hits: 89

Read more...

රාජස්ථාන් රෝයල්ස් පිල දෙවැනි ස්ථානයට

අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ 61 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (12 වැනිදා) පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිල කඩුලූ 5 කින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පාරජය කරමින් ප‍්‍රසාද ලකුණු 20 ක් සමගින් දෙවැනි ස්ථානයට පැමිණියේය.

Last Updated on Tuesday, 14 May 2013 14:47

Hits: 80

Read more...

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්‌ඩායම මැලේසියාවට

මේ මස 19 වැනිදා සිට 26 වැනිදා දක්‌වා මැලේසියාවේ ක්‌වාලලාම්පූර් නගරයේ පැවැත්වෙන සුදීර්මන් කුසලාන බැඩ්මින්ටන් තරගාවලියට සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බැඩ්මිනටන් කණ්‌ඩායම මෙම මස 15 වැනිදා මැලේසියාව බලා පිටත්ව යැමට නියමිතය.

Last Updated on Tuesday, 14 May 2013 13:23

Hits: 54

Read more...

W»ly

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.