www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 17.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1400 විකුණුම් මිල (රු) 132.0200 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.6700 විකුණුම් මිල (රු) 222.8700 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.7000 විකුණුම් මිල (රු) 183.5100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.6800 විකුණුම් මිල (රු) 151.0400 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.7200 විකුණුම් මිල (රු) 120.6700 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 120.1400 විකුණුම් මිල (රු) 124.6700 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.7600 විකුණුම් මිල (රු) 106.1300 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2613 විකුණුම් මිල (රු) 1.3018

වන අලින්ට කෑම දීමට යාම අනතුරුදායකයි

වනෝද්‍යානයක් තුළ මීට කලකට පෙර කීපදෙනකුට පමණක් සීමා වී සිටි මිනිසුන් ලබාදෙන පලතුරු හා විවිධ කෑම කෑමට පුරුදුව සිටි වන අලින් මේ වන විට විශාල සංඛ්‍යාවක් දැකිය හැකි යැයි වනජීවී නිලධාරිහු පවසති.

Last Updated on Friday, 27 December 2013 03:00

Hits: 125

Read more...

දහසේ හොරනෝට්ටුවක් දී පෙට්‍රල් ගත් අයෙක් හොරොව්පතානේදී අත්අඩංගුවට

ඉන්ධන බෝතලයක් මිලදී ගැනීම සඳහා ව්‍යාජ ලෙස මුද්‍රණය කළ දහසේ මුදල් නෝට්ටුවක් ලබා දුන් තරුණයන් දෙදෙනකුගෙන් එක් අයකු හොරොව්පතාන ‍පොලිසියේ නිලධාරීන් විසින් සැකපිට පෙරේදා (25) සවස අත්අඩංගුවට ගෙන ඇත.

Last Updated on Thursday, 26 December 2013 20:08

Hits: 76

Read more...

කහටගස්දිගිලියේ නිදන් හෑරුවයි තිදෙනකුට ලක්ෂ එකහමාරක් දඩ

කහටගස්දිගිලිය ‍පොලිස් වසමේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් ඇති රක්ෂිතයක නිදන් හෑරූ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් සැකකරුවන් තිදෙනෙකුට මුදලින් රුපියල් ලක්ෂ එකහමාරක දඩ මුදලක් සමග වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරසිංහ මහත්මිය නියම කළාය.

Last Updated on Friday, 27 December 2013 03:00

Hits: 72

Read more...

වෙඩි තබා එළ ගවයන් ඝාතනය කළ පුද්ගලයන් 5ක් ගිනි අවිය සමග දැ‍ලේ

වෙඩි තබා එළ ගවයන් ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනකු බලපත්‍ර සහිත ගිනි අවියක්ද සමග (26) දින සැකපිට ලග්ගල මඩුවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ලග්ගල ‍පොලිසිය කියයි.
‍පොලිසියට ලැබුණු තොරතුරක් මත මඩුමාන ප්‍රදේශයට යද්දී එළ ගවයන් දෙදෙනකු වෙඩි තබා මරා එක් ගවයකුගේ මළකුණ ට්‍රැක්ටර් රථයකින් වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් මස් කර ඇතැයි සොයාගෙන ඇත.

Last Updated on Friday, 27 December 2013 03:00

Hits: 63

Read more...

නත්තල්දා නීති විරෝධී මත්පැන් අලෙවි කළ ඇල්‍ලේ අවන්හල් අටක් අල්ලයි

බණ්ඩාරවෙල සුරා බදු කාර්යාලීය බල ප්‍රදේශයට අයත් ඇල්ල සංචාරක පුරවරයේ 24දා සහ නත්තල් උත්සව දිනයේ දී නීති විරෝධීව බලපත් රහිතව රජයේ අරක්කු හා බියර් අලෙවි කළ අවන්හල් 8ක් බණ්ඩාරවෙල සුරාබදු අධිකාරි කාර්යාලීය නිලධාරින් විසින් කොටුකර ගෙන ඇත. මේ අනුව මෙම අවන්හල්වල තිබූ සියලු රජයේ අරක්කු හා බියර් වර්ග සුරාබදු නිලධාරින් භාරයට ගෙන 2014 ජනවාරි 08 දින බණ්ඩාරවෙල අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කර තිබේ.

Last Updated on Friday, 27 December 2013 03:00

Hits: 56

Read more...

හබරාදූවේ වෙඩි තැබිමකින් තරුණයකු මරුට

හබරාදූව හරුමල්ගොඩ ප්‍රදේශයේ වූ වෙඩි තැබිමකින් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකු පෙරේදා (25) පෙරවරුවේ මියගොස් ඇත.
මියගොස් ඇත්තේ නුවන් බුද්ධික මධුසංක (22) නමැති තරුණයෙකි ඉකුත් 10 වැනි දින වූ වෙඩි තැබිමකින් මෙම තරුණයා බරපතළ තුවාල ලැබිය. මෙම ගම්මානයේ දේවාලයක යාතුකර්මයක් අතරතුර දී ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම වෙඩි තැබිම වී තිබුණි.

Last Updated on Friday, 27 December 2013 03:00

Hits: 68

Read more...

ගහ උඩදී අපස්මාරය වැළඳී බිමට වැටී මිය ගිහින්

දඹුල්ල, බටුයාය පදිංචි ගස් නගින්නෙකුට අඹ ගසක් උඩදී අපස්මාරය වැළඳීමෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා පෙරේදා (25) පස්වරුවේ රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දෙදරු පියකු වන 50 හැවිරිදි ලයනල් සමරකෝන් යන අයයි.

Last Updated on Friday, 27 December 2013 03:00

Hits: 74

Read more...

නීති උපදෙස් නොලැබිම නිසා සැකකරු 1 දක්වා රක්ෂිතයට

මැණික් ව්‍යාපාරික ආයතනයකින් රුපියල් තුන්කෝටි පහළොස් ලක්ෂයක් වටිනා මැණික් ලබාගෙන ඊට අගරු චෙක්පතක් දී මුදල් වංචා කිරීම සම්බන්ධ නඩු විභාගය (දෙසැ. 23) යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීති උපදෙස් නොලැබිම පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අවිස්සාවේල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ඩී.එච්.ඒ. සෙනෙවිරත්න මහතා සැකකරු 2014 ජනවාරි 01 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහි නිලධාරීන්ට නියෝග කළේය.

Last Updated on Friday, 27 December 2013 03:00

Hits: 72

Read more...

ජනතාවට දෙන සහනාධාර වැඩිකර උද්ධමනය හා දරිද්‍රතාවය අඩුකරන්න කටයුතු කරනවා - අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න

පාර්ලිමේන්තුව කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.30 ට රැස්විය.
ලිපි ‍ලේඛන පිළිගැන්වීමෙන් පසු මන්ත්‍රීවරු වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නවලට අමාත්‍යවරු පිළිතුරු ලබාදුන්හ.
3 වැනි දින අයවැය විවාදය අනතුරුව ආරම්භ විය.

Last Updated on Tuesday, 26 November 2013 03:00

Hits: 89

Read more...

පන්ති යන මුවාවෙන් පෙම්වතුන් සමග සිටි 16 වියැති තරුණියන් දෙදෙනා දැ‍ලේ

උපකාරක පන්තියකට යන බව දෙමාපියන්ට පවසා සිය පෙම්වතුන් සමගින් ග‍ලේවෙල නගරයේ පාළු ස්ථානයක රැඳී සිටි 16 හැවිරිදි තරුණියන් දෙදෙනෙක් හා ඔවුන්ගේ පෙම්වතුන් දෙදෙනාද සෙනසුරාදා උදේ ග‍ලේවෙල ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අවවාද කර ඔවුන්ගේ දෙමාපියන් වෙත භාරදෙන ලදී.

Last Updated on Tuesday, 20 August 2013 03:00

Hits: 297

Read more...

අනවසරයෙන් ගාල්ල කොටුවේ නිවසක් පිළිසකර කළාට රු.50,000ක දඩයක්

පුරාවිද්‍යා නියාමනයන්ට අනුකූල නොවන ලෙස ගාල්ල, කොටුව තුළ නිවසක් අලුත්වැඩියා කිරීමේ කටයුතුවල යෙදී සිටි පුද්ගලයකුට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් යූ.එස්. කලංසූරිය මහතා රුපියල් පනස් දහසක දඩයක් නියම කළේය. මෙසේ දඩ නියම වූයේ වතවන විතානගේ අජිත් කුමාර නමැති පුද්ගලයකු වෙතය.

Last Updated on Tuesday, 10 September 2013 01:48

Hits: 149

Read more...

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරීහු 85ක් විසිර යති

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරීන් 85 දෙනකු අධිකාරියට පත්වී විසිර යාමේ උත්සවය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී ඉකුත් 16 දා උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

Last Updated on Tuesday, 20 August 2013 03:00

Hits: 142

Read more...

නිරල්ගම එක්දරු මව ඝාතනයේ සැකකාර සැමියා මාස හයකට පසු අත්අඩංගුවට

පුරා හය මසකට වැඩි කලක් තිස්සේ අබිරහසක් ලෙස පැවැති රත්නපුර නිරල්ගම ප්‍රියංකා දිල්රුක්ෂි (36)  එක් දරු මවගේ ඝාතනය පිළිබඳ සැකපිට ඇගේ සැමියා රත්නපුර ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Last Updated on Tuesday, 10 September 2013 01:48

Hits: 223

Read more...

'අපේ පක්ෂ කාර්යාලයේ ප්‍රදර්ශන පුවරු ගිනි තබා පාක්ෂිකයන් පිරිසකට පහර දීලා'

වවුනියාව තෝනිකල් අලයඩි මාර්ගයෙහි පිහිටි තම පක්ෂ කාර්යාලයේ ප්‍රදර්ශන පුවරු ගිනිතබා පක්ෂ කාර්යාලයේ සේවය කළ පාක්ෂිකයන් පිරිසකට පෙරේදා (18) රාත්‍රියෙහි කිසියම් පිරිසක් පහර දී ඇති බැව් උතුරු පළාත් සභා අපේක්ෂක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වවුනියාව කණ්ඩායම් නායක පී. උදයරාසා මහතා පවසයි.

Last Updated on Tuesday, 20 August 2013 03:00

Hits: 118

Read more...

17 වියැති තරුණයෙක් වෙඩි තබාගෙන මිය ගිහින්

නවගත්තේගම ‍පොලිස් වසමේ මහපිටිය ප්‍රදේශයේ තරුණයකු ගිනි අවියකින් වෙඩි තබාගෙන මිය ගොස් තිබේ.
පෙරේදා (18 දා) සවස සිය නිවස ආසන්නයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ගෙන ඇතැයි නවගත්තේගම ‍පොලිසිය සිදුකරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

Last Updated on Tuesday, 20 August 2013 03:00

Hits: 165

Read more...

 

W»ly

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.