Thursday, 24th April 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 24.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1500 විකුණුම් මිල (රු) 132.0300 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.0900 විකුණුම් මිල (රු) 222.2600 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.5000 විකුණුම් මිල (රු) 183.3100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.2500 විකුණුම් මිල (රු) 150.6000 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.4500 විකුණුම් මිල (රු) 120.3800 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 119.0600 විකුණුම් මිල (රු) 123.5500 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.3200 විකුණුම් මිල (රු) 105.6700 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2558 විකුණුම් මිල (රු) 1.2960

Click  

රිමාන්ඩ් සිර මැදිරියට ගෙන යද්දී හිටපු හමුදා සෙබළා පැන ගිහින්

‍පොලිස් අත්අඩංගුවේ සිටියදී පලා ගිය හිටපු යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සාලියවැව ‍පොලිසිය කියයි.
පලාගොස් ඇත්තේ යුද හමුදාවේ ජාතික ආරක්ෂක බලමුළුවට අනුයුක්තව සේවය කර ඇති සෙබළ අංක 00203 දරණ පෙරුම්බඩගේ චාමර රංජිත් මුතුකුමාර (අවු. 33) නම් අයෙකි. සාලියවැව ‍පොලිස් වසමේ වීරපුර පදිංචිව සිට ඇති ඔහු හමුදාවෙන් පලා විත් සිටි අයකු බව ‍පොලිසිය කියයි.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 37

Read more...

හංවැල්‍ලේ පාසල් පහක් අද සහ හෙට වසා දැමේ

ඩෙංගු උවදුර ශීඝ්‍ර ලෙස පැතිරයාම හේතුවෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සහ එම විද්‍යාලය අවට පිහිටි තවත් පාසල් 4ක් ඇතුළුව සීතාවක අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 5ක් අද (22) සහ හෙට (23) වසාදමා පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 92

Read more...

මහේලට හා සංගාට විනය පරික්ෂණයක්

ශී‍්‍ර ලංකාවට විස්සයි විස්ස ලෝක කුසලානය දිනා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මහේල ජයවර්ධනට හා කුමාර් සංගක්කාරට විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඊයේ තීරණය කළේය

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 179

Read more...

පාදුක්ක ඕඅයිසී ඇතුළු නිලධාරීන් ගැන ඒ.එස්.පී. යටතේ පරීක්ෂණ

රාජකාරි වේලාවේ දී සුදු ඉබ්බකු රුපියල් ලක්ෂ ගණනකට විකුණන්නට ගිය පාදුක්ක ‍පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනකුට ඉබ්බා මිල දී ගන්නට ආ පිරිසක් විසින් පහරදී ඉබ්බා සහ එම කොස්තාපල්වරුන්ගේ රාජකාරි පිස්තෝලය පැහැරගෙන යාමේ සිද්ධිය වසන් කළා යැයි කියන පාදුක්ක ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිළිබඳ සහකාර ‍පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 253

Read more...

හම්බන්තොට ප්‍රහාරයට එරෙහිව එජාපයෙන් පාර්ලිමේන්තු උද්ඝෝෂණයක්

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට හම්බන්තොට දී සිදු කළ පහරදීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව තුළ උද්ඝෝෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට ඇත. ඒ අනුව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී එකී උද්ඝෝෂණය පැවැත්වීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 113

Read more...

අනුරාධපුරයේ බුලත්වලට ඉහළම මිලක්

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමාවීමත් සමග බුලත් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර අනුරාධපුර ප්‍රදේශයේ පෙරේදා (20) බුලත් කොළයක් අලෙවි වී ඇත්තේ රුපියල් 6.50-7.00 අතර මිලකටය.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 93

Read more...

රන් කොල්ලය සොයන්න මීගමුවේ සී.සී.ටී.වී. පිරික්සයි

මීගමුවේ රන් භාණ්ඩ අලෙවිස‍ලේ කොල්ලය සෙවීම සඳහා මීගමුව නගරයේ වෙළෙඳසල්වල ස්ථාපිත කොට ඇති සී.සී.ටී.වී. දර්ශන පිරික්සා බැලීමට කටයුතු කරන බව ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරියෙක් ‘රිවිර’ට පැවසීය.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 143

Read more...

තැපෑල ඔස්සේ ඩුබායි-ශ්‍රී ලංකා හොර සිගරැට් ජාවාරමක්

ඩුබායි සිට ශ්‍රී ලංකා තැපෑල මගින් මෙරටට හොර සිගරැට් ගෙන්වීමේ ජාවාරමක් කලක සිට ක්‍රියාවට නැංවෙන බවට මධ්‍යම තැපැල් හුවමාරු ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව ඊයේ දිනයේ දී ද මෙලෙස හොර සිගරැට් පාර්සල් 16ක් මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබි තිබෙන අතර මේවා රේගුවට භාරදී රඳවාගෙන තිබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 71

Read more...

ව්‍යාපාරික කාන්තාවක් බිය වැද්දු ‍පොලිස් පරීක්ෂකවරයාට එරෙහි පරීක්ෂණ මන්දගාමියි

ඇමැති ආරක්ෂක අංශයේ සේවයේ යෙදී සිටින අතරදී මුදල් ‍පොලියට දී ව්‍යාපාරික කාන්තාවක් බිය ගන්වා රුපියල් කෝටි ගණනක් අයුතු ලෙස ලබා ගැනීමේ චෝදනාවකට ලක් වූ ‍පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව ‍පොලිස්පති නියමයෙන් සිදු කරන පරීක්ෂණ මන්දගාමීව සිදුවන බව වාර්තා වේ.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 112

Read more...

කොළඹ ශාස්ත්‍ර හා අධ්‍යාපන පීඨවල සියලු සිසුහු පන්ති වර්ජනයක

කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සහ අධ්‍යාපන පීඨයෙහි  සියලුම සිසුන් ඊයේ (21) සිට පන්ති වර්ජනයක් ආරම්භ කොට තිබේ.
ඒ නේවාසිකාගාර ගැටලුවක් සම්බන්ධයෙන් පන්ති තහනමට ලක්ව සිටින සිසුන් විසිදෙනාගේ එම තහනම ඉවත්කරන ලෙස ඉල්ලමිනි.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 55

Read more...

ෆින්ගාරා සමාගමේ බලය ලත් තැන්පත්කරුවන්ගේ සංගමයට බාධා කිරීම සිදුනොකළ යුතුයි

ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි (පුද්) සමාගමේ (ෆින්ගාරා) තැන්පත්කරුවන් නියෝජනය කරන උපාලි රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු බලයලත් තැන්පත්කරුවන්ගේ සංගමය විසින් එම සමාගමේ දේපළ මිලදී ගැනීමට  ආයෝජකයන් සෙවීමේ කාර්යයට බාධා කිරීම් සිදුනොකරන ලෙස අනෙකුත් සංගම්වලට ඊයේ (21) අධිකරණයෙන් තරයේ අවවාද නිකුත් විය.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 37

Read more...

කෝප් කමිටු වාර්තාව අප්‍රේල් අවසානයට පෙර

මේ වසරේ පළමු කාර්තුවට අයත් කෝප් කමිටු වාර්තාව අප්‍රේල් මස අවසන් වීමට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලා‍පොරොත්තු වන බව එම කමිටුවේ සභාපති ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ‘රිවිර’ ට පැවසීය.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 42

Read more...

එල්ටීටීඊ සැකකරුවෙක් වව්නියා රෝහලින් පැනයයි

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ වව්නියාව රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ එල්ටීටීඊ සැකකරුවකු පෙරේදා (20) රාත්‍රියේ දී පලාගොස් තිබේ.
මෙලෙස පලාගොස් ඇත්තේ වව්නියාව, කුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ජෙයබාලන් ස්ටැන්ලි රමේෂ් නමැති 28 හැවිරිදි එල්ටීටීඊ සාමාජිකයෙකි.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 36

Read more...

ඇස් රෝහ‍ලේ හා පිළිකා රෝහ‍ලේ අකුණු සන්නායක හොරු තවම යහතින්

කොළඹ ජාතික අක්ෂි රෝහ‍ලේ හා මහරගම පිළිකා රෝහ‍ලේ රුපියල් ලක්ෂ 30ක් වටිනා අකුණු සන්නායක දෙක සොරකම් කළ රෝහල් සේවකයින් හඳුනාගෙන ඇතත් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමෙන් පරීක්ෂණ පවත්වා ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන නොමැති බව අමාත්‍යාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 39

Read more...

ඓතිහාසික කිත්සිරිමෙවන් කැලණි දාගැබේ කොත කපලා

  බුදුරජාණන්වහන්සේගේ නානකඩය හෙවත් ජලසාටිකා ධාතුව නිදන් කර තැනූ ලොව එකම ස්ථූපය ලෙස සැලකෙන කැලණියේ ඓතිහාසික කිත්සිරි මෙවන් කැලණි දාගැබේ කොත කපා වෙන් කොට තිබේ. මේ වන විට මෙය කැලණිය ප්‍රදේශයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රශ්නයක් වී ඇති අතර සිද්ධිය වාර්තාවීමත් සමග බැතිමතුන් මහත් සංවේගයට පත්ව ඇති බවද වාර්තා වේ.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 52

Read more...

 

W»ly

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.