Thursday, 24th April 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 24.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1500 විකුණුම් මිල (රු) 132.0300 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.0900 විකුණුම් මිල (රු) 222.2600 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.5000 විකුණුම් මිල (රු) 183.3100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.2500 විකුණුම් මිල (රු) 150.6000 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.4500 විකුණුම් මිල (රු) 120.3800 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 119.0600 විකුණුම් මිල (රු) 123.5500 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.3200 විකුණුම් මිල (රු) 105.6700 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2558 විකුණුම් මිල (රු) 1.2960

Click  

කර්මාන්ත අමාත්‍යාංශයේ CCTV දත්ත ගබඩාව අතුරුදන්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ දත්ත ගබඩාව ඊයේ (23) දහවල් සිට අතුරුදන් වී ඇති  බව එහි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘රිවිර’ට පැවසීය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 478

Read more...

භික්ෂුන් වහන්සේලා ගරුත්වය නැතිවන ආකාරයට කටයුතු කරන්නේ රට ජාතිය ආගම රැකගන්නයි

“අද මේ රටේ භික්ෂූන් වහන්සේලා භික්ෂු ගරුත්වය නැතිවන ආකාරයට කටයුතු කරනවා. එම භික්ෂූන් වහන්සේලා එසේ කරන්නේ   මේ රට, ජාතිය, ආගම වෙනුවෙන් බව අප අමතක නොකළ යුතුයි. අපේ රට තුළ සිදුවන අකටයුතුකම් පිළිබඳව රජය නිසි පියවර නොගන්නා නිසා තමයි අද මහා සංඝරත්නයට පාරට බහින්න වෙලා තියෙන්නේ.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 259

Read more...

දඹුලු විහාරයේ කෙරෙන පුරාවිද්‍යාත්මක හානිය ගැන ‍පොලිස්පතිට පැමිණිලි කරනවා

රංගිරි දඹුලු ලෙන් විහාරයේ කෙරෙන පුරාවිද්‍යාත්මක හානිය සම්බන්ධයෙන් ‍පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට තීරණය කරන ලදැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා ‘රිවිර’ට ඊයේ (23) පැවසීය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 163

Read more...

ආරක්ෂක නිලධාරියාගේ වෙඩි තැබිමෙන් කිරුළපන බැංකු කොල්ලය වරදී

යතුරුපැදිවල නැගී මුහුණු ආවරණය වන හිස් වැසුම් පැලඳ පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු මොරටුව පිහිටි ලීසිං සමාගමක් ඊයේ දහවල් 1.00ට පමණ කොල්ලකෑ අතර ඉන් මිනිත්තු 50කට පසු කිරුලපන පිහිටි පුද්ගලික බැංකුවක් කොල්ලකෑමට ඒ අයුරින්ම පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු ගත් උත්සාහය බැංකුවේ ආරක්ෂක නිලධාරියා විසින් ආරක්ෂක පියවර ගනිමින් වෙඩි තැබිම නිසා ව්‍යර්ථ විය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 192

Read more...

සාමාන්‍ය පෙළින් ගණිතය අසමත්වීම ගැන සොයන්න සත්පුද්ගල කමිටුවක්

අ‍පොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් දිගින් දිගටම සෑම වසරකදීම ගණිතය විෂයය අසමත්වීම සම්බන්ධව සොයා බැලීම සඳහා සත් පුද්ගල කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.එම සත් පුද්ගල කමිටුව මේ සතිය තුළදී පත් කරන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රිවිරට ඊයේ (23දා) පැවසීය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 111

Read more...

කොල්ලකරුවෙක් මගේ හිසට පිස්තෝලය තිබ්බත් ඔහු සමග පොරබැදුවා - බැංකු ආරක්ෂක කියයි

”කොල්ලකරුවන් දෙදෙනා දොරටුව අසලට ආවා. එ්ත් එක්කම ඔවුන් දොර කඩාගෙන ඇතුළු වෙන්නයි උත්සහ කළේ. එක් කොල්ලකරුවෙක් මගේ ඔළුව දෙසට පිස්තෝලය තිබ්බා. මා එ් පිස්තෝලය අල්ලාගෙන ඔහු සමග පොරබැදුවා.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 257

Read more...

අනුරාධපුර නිවසකට ඉබ්බෙක් අහසින් වැටේ

අනුරාධපුර නගරයේ පිහිටි තුන්වන පියවර ප‍්‍රදේශයේ නිවසකට පෙරේදා රාත‍්‍රියේ අහසින් වැටුණු බවට සැකකෙරෙන කිරිඉබ්බෙකු එම නිවසේ හිමිකරුවන්ට හමුවීමේ පුවතක් ඊයේ 23 උදෑසන වාර්තා විය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 127

Read more...

අශෝක විද්‍යාලයේ ගුරුවරුන් නවයකට ස්ථාන මාරු

කොළඹ අශෝක විද්‍යාලයේ ගුරුවරුන් 9 දෙනකු පෙරේදා (22) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මාරුකරනු ලැබ තිබේ.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 112

Read more...

විපක්ෂ මන්ත්‍රීන්ට එල්ල වූ තර්ජන ගැන කරු-ෆොන්සේකා හමුවක්

වත්මන් දේශපාලන අර්බුදය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති තර්ජන සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන නායක කරු ජයසූරිය මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අතර විශේෂ හමුවක් ඊයේ (23) පිටකෝට්ටේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මූලස්ථානයේදී පවත්වා තිබේ.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 73

Read more...

ලිබියා රැුකියාවලට ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් යැවීම අත්හිටුවයි

ලිබියාවට ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් යැවීම වහාම අත්හිටුවීමට තීරණය කළ බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ලිබියාවේ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශී‍්‍ර ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාගත් තොරතුරු මත වහාම  ඉහත ක‍්‍රියාමාර්ගය ගැනීමට විදේශ රැුකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා උපදෙස් ලබාදුන් බව කාර්යාංශය පවසයි.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 49

Read more...

මිනිස් වකුගඩු ජාවාරම ගැන මෙහෙයුමකට ඉන්දියාවෙන් විශේෂ පොලිස් කණ්ඩායමක්

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව පදනම් කරගනිමින් ජාත්‍යන්තර වශයෙන් මහා පරිමාණයෙන් සිදුකෙරෙන මිනිස් වකුගඩු ජාවාරම පිළිබඳ එ්කාබද්ධ මෙහෙයුමක් දියත් කිරීම සඳහා ඉන්දියාවේ හයිද්‍රාබාද්හි විශේෂ පොලිස් කණ්ඩායමක් මෙරටට එවීමට නියමිත ය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 46

Read more...

ක්‍රමෝපාය සංවර්ධන පනතේ නියමයන් 3ක් අද විවාදයට

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමයන් 3ක් අද (24දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 40

Read more...

මාතර රාහුල සිසුන් පිරිසකට බණ්ඩාරවෙලදී බඹර ප්‍රහාරයක්

මාතර රාහුල විද්‍යාලයේ පාසල් ළමයි පිරිසකට බණ්ඩාරවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානය අසලදී ඊයේ (23දා) හවස 2.30 ට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වීම නිසා පාසල් ළමුන් අටදෙනකු සහ කණ්ඩායම් කළමනාකාර අසාධ්‍ය තත්ත්වයෙන් බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 41

Read more...

බියගම වි‍ලේජ් අධිපති ඝාතන නඩුව කල් යයි

බියගම වි‍ලේජ් අධිපති බර්නාඩ් ජයරත්න මහතා ඝාතන සිද්ධියේ  පරීක්ෂණ කටයුතු ආරම්භ කොට වසරක් ගතව ඇතත් විමර්ශන කටයුතු අවසන් නොවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට සිහිකැඳවීමක් කළ යුතු බව තීරණය කළ පූගොඩ මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ඉන්දිකා කාලිංගවංශ මහත්මිය වැඩිදුර විභාගය මැයි 07 දිනට කල් තැබුවාය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 31

Read more...

සාලියවැව ‍පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම්

සාලියවැව ‍පොලිසියේ සේවය කරමින් සිටි ‍පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට වනාතවිල්ලුව සහකාර ‍පොලිස් අධිකාරී ක්ලෙමන්ට් ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 42

Read more...

 

W»ly

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.