Thursday, 24th April 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 24.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1500 විකුණුම් මිල (රු) 132.0300 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.0900 විකුණුම් මිල (රු) 222.2600 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.5000 විකුණුම් මිල (රු) 183.3100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.2500 විකුණුම් මිල (රු) 150.6000 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.4500 විකුණුම් මිල (රු) 120.3800 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 119.0600 විකුණුම් මිල (රු) 123.5500 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.3200 විකුණුම් මිල (රු) 105.6700 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2558 විකුණුම් මිල (රු) 1.2960

සේරුවිල පුදබිම පුරාවිද්‍යාවේද හොර දෙටුවන්ගේද?

ඓතිහාසික සේරුවිල ෙචෙත්‍යයේ පාදම සම්පූර්ණයෙන්ම ගලවා විනාශ කිරීමේ පුවතක් ‘රිවිර’ වාර්තා කළේ මීට දෙසතියකට පමණ පෙරය. ඇතැම් දේශපාලකයින්ගේ නම් භාවිත කරමින් සිදුකර ඇතැයි කී මෙම අපරාධය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ ‍පොලිසියට කළ පැමිණිලිවලින්ද කිසිදු සුගතියක් අත් නොවුණු බව එදා කියැවිණ.

Last Updated on Friday, 04 April 2014 03:00

Hits: 63

Read more...

එන්.ජී.ඕ. තහනම කාලෝචිත පියවරක්

දැනට විදෙස් රටවල සිට ක්‍රියාත්මක වන කොටි හිතවාදී සංවිධාන 15 ක් මෙරට තුළ තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මේ වන විට රජය සූදානම්ව ඇති බව ඊයේ ‘රිවිර’ පුවතක දැක්විණ.

Last Updated on Thursday, 03 April 2014 03:00

Hits: 95

Read more...

තවමත් නොඅඩු රට පුරා ඩෙංගු

කොළඹ නගර සීමාව තුළ ජනතාවගෙන් 95කගේ ශරීරයේ ඩෙංගු වෛරසය අඩංගු යැයි ඊයේ ‘රිවිර’ පුවතක දැක්විණ. වසංගත රෝග විද්‍යා අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘රිවිර’ ට අනාවරණය කොට ඇත්තේ මෙම තොරතුරු අනුව බොහෝදෙනා තුළ ඇති ප්‍රතිශක්තිය අනුව ඔවුන් රෝගීන් බවට පත් නොවුණද ඕනෑම මොහොතක ඔවුන් රෝගීන් වියහැකි අවදානම පවතින බවය.

Last Updated on Wednesday, 02 April 2014 03:00

Hits: 55

Read more...

දිනෙන් දින දූෂිත වන ආහාර වෙළෙඳ‍පොළ

පිටකොටුවේ, ආදුරුප්පු වීදියේදී ‍පොල්තෙල් ලීටර් 30,000කට අධික ප්‍රමාණයක් විෂ සහිත බැරල්වල දමා ගබඩා කර තිබියදී පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුවතක් පසුගියදා වාර්තා විය. ටිනර් නමැති රසායනිකය දමා තිබි හිස් කළ මෙම බැරල් පිරිසිදු කිරීමකින් තොරව ‍පොල්තෙල් අසුරා පමණක් නොව එයින් විශාල ප්‍රමාණයක් රටපුරා බෙදාහැර ඇතැයිද සොයාගෙන තිබිණ. විස රසායනිකයන් ආහාරවලට, ජලයට, වාතයට මිශ්‍රවීම නිසා මෙරට ජනතාව ඉතා සීග්‍රයෙන් පිළිකා රෝගයට ගොදුරු වෙමින් සිටින බව මෑතක මහරගම පිළිකා රෝහ‍ලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අනාවරණය කර තිබිණ.

Last Updated on Tuesday, 01 April 2014 03:00

Hits: 41

Read more...

පළාත් ජය සහ ජනතා බලා‍පොරොත්තු

බස්නාහිර සහ දකුණු පළාත් මැතිවරණය අවසන් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අතිවිශිෂ්ට ජයක් හිමි කර දෙමිනි. එය අහම්බයක් හෝ කිසිවකු නොසිතූ නොපැතූ දෙයක් නොවේ. ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ක්‍රියාදාමයට ජනතා ප්‍රසාදය සහ සහයෝගය පිළිබඳ දෑත් දිගුවීමේ ප්‍රවණතාව මෙයින් මොනවට කැපී පෙනිණ.

Last Updated on Monday, 31 March 2014 03:00

Hits: 83

Read more...

රටට වින කරන හොර නෝට්ටු ජාවාරම

මේ දිනවල හොර සල්ලි ගැන කතිකාවක් කරළියට පැමිණ තිබේ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියට ව්‍යාපාරිකයකුගෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ 20ක මුදල ලබාදීමේදී ඒවා හොර සල්ලි බවට බැංකුව හඳුනා ගැනීම මෙම කතාබහට පදනම දැමීය.

Last Updated on Saturday, 29 March 2014 03:00

Hits: 90

Read more...

පලතුරු වෙළෙඳපොළ අපවිත‍්‍ර වීමේ අනතුර

උත්සව සමය එළැඹෙත්ම ආහාර වෙළෙඳපොළ ¥ෂිත වීමේ ප‍්‍රවණතාව ඉහළ යන බව පසුගිය දිනවල අසන්නට ලැබුණු තොරතුරු අනුව පැහැදිලි වේ. පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ ලක්ෂ ගණනක් විවිධ ප‍්‍රදේශවලින් අත්අඩංගුවට ගත් පුවත් රැුසක් වාර්තා විය. කල් ඉකුත් වූ සීනි වැනි ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් අඩු මිලට ගෙන නැවත ලේබල් කර වැඩි මිලට විකුණන මහා පරිමාණ ජාවාරම් රැුසක් එ් අනුව හෙළිදරව් කරගෙන තිබිණ.

Last Updated on Friday, 28 March 2014 03:00

Hits: 55

Read more...

ශ්‍රීපාද අඩවිය කිළිටි කරන කසළ උවදුර

මේ සිරිපා වන්දනා සමයයි. සෑම වර්ෂයකම සිරිපා වන්දනා සමයේදී මිලියන හයකට අධික පිරිසක් සිරිපා වන්දනා කරන බවට තොරතුරු ඇත.

Last Updated on Thursday, 27 March 2014 03:00

Hits: 79

Read more...

වයඹ පළා බබාලාගේ රට සවාරිය

වයඹ පළාත් සභාවේ උග්‍ර මූල්‍ය අර්බුදයක් තිබියදීත් එහි මන්ත්‍රීවරුන් රුපියල් මිලියන 25කටත් අධික මුදලක් වැය කරමින් රට සවාරියකට සූදානම් වන පුවතක් ඊයේ ‘රිවිර’ ට වාර්තා වී තිබිණ. මෙවර වයඹ පළාත් සභාව ආරම්භ වී මාස 6ක් ගතවීමටත් පෙර මන්ත්‍රීවරුන් මෙසේ විදෙස් සංචාරයක් සඳහා ඉක්මන් වී ඇත්තේ පසුගිය වසරේද ඔවුන්ට මෙම සංචාරය අහිමි වූ නිසාත්, විදේශ සංචාර මන්ත්‍රී වරප්‍රසාදයක් බවත් ප්‍රකාශ කරමිනි.

Last Updated on Wednesday, 26 March 2014 03:00

Hits: 95

Read more...

කොළඹ සරසවියේ නේවාසික ප්‍රශ්නය

කොළඹ විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර අර්බුදයක් නිසා එහි ශාස්ත්‍ර පීඨය හා අධ්‍යාපන පීඨය දින නියමයක් නැතිව වසා තැබිමට තීරණය කර ඇත. ඊයේ ‘රිවිර’ වාර්තා කළ පරිදි සඳුදා (24) නවක සිසුන් සඳහා පාඨමාලා ඇරඹීමට නියමිතව තිබූ බැවින් 23 වැනිදා සිසුන්ට නේවාසිකාගාරවල ලියාපදිංචි වීමට පැමිණෙන ලෙස දන්වා ඇත.

Last Updated on Tuesday, 25 March 2014 03:00

Hits: 72

Read more...

සේරුවිල ෙචෙත්‍ය වනසන දේශපාලන අත් කාගේද?

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව ඇතැම් දේශපාලකයන්ගේ නම් භාවිත කරමින් ඓතිහාසික සේරුවිල ෙචෙත්‍යයේ ෙශෙලමය පාදම සම්පූර්ණයෙන්ම ගලවා එහි කොන්ක්‍රීට් ඇතිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව සෙනසුරාදා රිවිර මුල් පුවතින් වාර්තා විය.

Last Updated on Monday, 24 March 2014 03:00

Hits: 169

Read more...

රිය අනතුරු අවම කළ නොහැකිද?

පසුගිය වසරේ රිය අනතුරුවලින් 2324 දෙනකු මියගොස් ඇති බවත්, එයින් 944 දෙනකුම පදිකයන් බවත් ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති හා ‍පොලිස් පරීක්ෂකවරයා අනාවරණය කළ බව ඊයේ ‘රිවිර’ පුවතකින් කියැවිණ.

Last Updated on Saturday, 22 March 2014 03:00

Hits: 80

Read more...

සීනි ආනයනයට නීතියක් නැද්ද?

නරක් වූ සීනි කිලෝ ලක්ෂ පහක් පමණ කොළොන්නාව, සේදවත්තේ තොග ගබඩාවක තිබි පාරිභෝගික අධිකාරියේ වැටලීම් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුවතක් ඊයේ ‘රිවිර’ ට වාර්තා විය. මෙම සීනි තොගයේ වටිනාකම රුපියල් කෝටි පහ ඉක්මවන අතර, බ්‍රසීලයෙන් හා ඉන්දුනීසියාවෙන් ආනයනය කළ සුදු හා රතු දෙවර්ගයේම සීනි මෙහිදී අත්අඩංගුවට ගත් බව පැවසේ. මෙම සීනි ගබඩාව ප්‍රමිතියෙන් තොර ඉදිකිරීමක් වූ බැවින් වැසි වතුර මිශ්‍රවීමෙන් සීනි තොග නරක් වී තිබූ බවත් එම පුවතේ දැක්වේ.

Last Updated on Friday, 21 March 2014 03:00

Hits: 69

Read more...

ඡන්දය සහ ප්‍රචණ්ඩත්වය

බස්නාහිර හා දකුණු පළාත් ඡන්දය දිනෙන් දිනම ප්‍රචණ්ඩ වන අයුරු දැන් ඉතා පැහැදිලිය. පහරදීම් හා ගිනිතැබිම් ආදියෙන් ගහන වූ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ මෙවර ප්‍රථම මරණයද පෙරේදා දොම්පේදී සිදුවූ බව ඊයේ ‘රිවිර’ වාර්තා කර තිබිණ.

Last Updated on Thursday, 20 March 2014 03:00

Hits: 83

Read more...

නීතිය අතට ගැනීමේ ඛේදවාචකය

හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පිහිටි රබර් අත්වැසුම් කර්මාන්ත ශාලාවක් ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර හයක් පමණ අවහිර කරමින් පසුගිය ඉරිදා ගෙන ගිය උද්ඝෝෂණය නිසා බොරැල්ල ‍පොලිසියේ ස්ථානාධිපතිවරයාට අකල්හි ජීවිතය අහිමි වී ගිය කනගාටුදායක පුවත දැන් ප්‍රකටය.

Last Updated on Wednesday, 19 March 2014 03:00

Hits: 71

Read more...

 

W»ly

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.