Friday, 25th April 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 24.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1500 විකුණුම් මිල (රු) 132.0300 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.0900 විකුණුම් මිල (රු) 222.2600 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.5000 විකුණුම් මිල (රු) 183.3100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.2500 විකුණුම් මිල (රු) 150.6000 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.4500 විකුණුම් මිල (රු) 120.3800 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 119.0600 විකුණුම් මිල (රු) 123.5500 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.3200 විකුණුම් මිල (රු) 105.6700 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2558 විකුණුම් මිල (රු) 1.2960

මහ‍පොළ ප්‍රදානය සහ ප්‍රමාදය

අඩුආදායම් පවුල්වල සරසවි වරම් ලබන සිසුන්ට ලබාදෙන රුපියල් 2500/-ක් වන මහ‍පොළ ශිෂ්‍යාධාරය සිසුන්ගේ අවශ්‍යතා සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් එය රුපියල් 6000/- දක්වා වැඩි කිරීමට සාකච්ඡා කෙරෙමින් තිබෙන බව උසස් අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණ. ඔහු එසේ පවසා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ සරසවි සිසුන් 711 දෙනකුට මහ‍පොළ ශිෂ්‍යාධාරය ප්‍රදානය සඳහා පැවැති උත්සවයකදීය.

Last Updated on Friday, 25 April 2014 03:00

Hits: 1

Read more...

දඹුලු විහාරය සහ යුනෙස්කෝ ප්‍රශ්නය

පෞරාණික පිළිම ලෙන් හා බිතුසිතුවම් සංරක්ෂණය කිරීමට කළමනාකරණ වැඩපිළිවෙළක් නොමැතිකමත් නවීන අංග එකතු කිරීමත් යන කාරණා සැලකිල්ලට ගෙන දඹුලු විහාරය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් හැලී යාමේ අවදානමක් උද්ගතව ඇතැයි ඊයේ ‘රිවිර’ ට වාර්තා වී තිබිණ.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 21

Read more...

හදවත් ඇත්තන්ට නොපෙනෙන හදවත් සැත්කම් ප්‍රමාදය

ගාල්ල කරාපිටිය රෝහ‍ලේ හෘද හා උරස් ශල්‍ය ඒකකය තුළ හදවත් සැත්කම්  ‍පොරොත්තු ‍ලේඛනගත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 1800 ක් පමණ බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේ යැයි ඊයේ ‘රිවිර’ වාර්තාවක දැක්විණ. පෞද්ගලික රෝහලක හෘද සැත්කම් සිදුකර ගැනීමට අධික මුදලක් වැය කළ නොහැකි සාමාන්‍ය පන්තියේ රෝගීන්ට මෙසේ සැත්කම් බලා‍පොරොත්තුවෙන් දිගුකල් ගතකිරීමට සිදුවීම ජීවිතයත් මරණයත් අතර සටනක් බව කිසිවකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 20

Read more...

පාසල් වසා දැමූ හංවැල්‍ලේ ඩෙංගු

ප්‍රදේශයේ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය ඊයේ සිට තෙදිනක්, එනම් බදාදා වනතුරු වසා තැබිමට පාසල් සංවර්ධන කමිටු විධායක සභාව තීරණය කර ඇතැයි ඊයේ ‘රිවිර’ ට වාර්තා වී තිබිණ. එම දින කිහිපය තුළ පාසල පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහන් පැවැත්වීමට නියමිත බවද සඳහන් වේ.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 20

Read more...

නිදැල්‍ලේ සිදුවන වකුගඩු ජාවාරම

වකුගඩු අලෙවි කිරීමේ හා බද්ධ කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වන බව “ඉරිදා රිවිර” මුල් පුවතින් මෙවර අනාවරණය කොට තිබිණ.

Last Updated on Monday, 21 April 2014 03:00

Hits: 41

Read more...

ළමා අපචාර වසංගතයට පිළියමක් නැද්ද?

වයස අවුරුදු නවයක පිරිමි දරුවකු අපයෝජනය කළා යැයි ප්‍රාථමික විදුහලක වැඩබලන විදුහල්පතිවරයකු ඇල්පිටිය ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඊයේ ‘රිවිර’ පුවතක දැක්විණ.

Last Updated on Saturday, 19 April 2014 03:00

Hits: 47

Read more...

නැවත හොල්මන් කරන කොටි සෙවණැලි

කොටි සෙවණැලි නැවතත් ශ්‍රී ලංකාව තුළ හොල්මන් කරන බවට පුවත් රැසක් පසුගිය දිනවල වාර්තා විය. මෙරට තුළ යළි කොටි සංවිධානයක් බිහි කිරීමට උත්සාහ දරන කණ්ඩායමේ සාමාජිකයන් මුහුදු මගින් ඉන්දියාවට ඇතුළු වන බවට ලැබුණු තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව බුද්ධි අංශ ආරංචිමාර්ග උපුටා දක්වමින් ඊයේ ‘රිවිර’ වාර්තා කොට තිබිණ.

Last Updated on Friday, 18 April 2014 03:00

Hits: 49

Read more...

සුරාපානයේ ‘කප්’ එක අත ළඟ

උත්සව සමයේදී බිමත්ව රිය පදවන රියැදුරන් අල්ලා ගැනීම සඳහා ආධාර වන බැලුම් 60,000ක් ගෙන්වා රට පුරා ‍පොලිසිවලට බෙදාදුන්නේ යැයි පසුගියදා ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කළේය.

Last Updated on Thursday, 17 April 2014 03:00

Hits: 22

Read more...

ජාතික උරුමයන් වැනසීමේ කරුමය

එල්ලාවල මේධානන්ද හිමියන් සහ පුරාවිද්‍යාව අතර ඇත්තේ එසේ මෙසේ සම්බන්ධයක් නොවේ. අඩසියවසකට ආසන්න කාලයක් තිස්සේ පුරාවිද්‍යා ගවේෂකයකු වශයෙන් ශ්‍රී ලංකාව තුළ අමිල මෙහෙයක් ඉටු කළ බැවින් උන්වහන්සේ පුරාවිද්‍යා චක්‍රවර්තී යන ගෞරව නාමයෙන්ද පිදුම් ලැබ සිටිති.

Last Updated on Wednesday, 16 April 2014 03:00

Hits: 37

Read more...

සුබ අලුත් අවුරුද්දක් වේවා

‘රිවිර’ පාඨක ඔබ සැමට සුව සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ඉත සිතින් අපි ප්‍රාර්ථනා කරමු. අලුත් අවුරුද්ද යනු සාමාන්‍ය ව්‍යවහාරය පරිදි සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම යැයි පිළිගැනුනද ඒ තුළ ගැබ්ව ඇති අරුත් විමසන විට පෙනී යන්නේ අලුත් අවුරුද්ද සැබැවින්ම මානව සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ස්වභාවධර්මයෙන් ලැබුණු අනගි අවස්ථාවක් බවය.

Last Updated on Saturday, 12 April 2014 03:00

Hits: 39

Read more...

විදුලි කියතට හසුවන වෘක්ෂ දේවතාවෝ

අද ඇතැම් බලවතුන්ගෙන් රටේ ගස්, ගල් පවා බේරාගත නොහැකි තත්ත්වයක් උදාවී තිබිම කොතරම් ඛේදවාචකයක්දැයි සිතන්න. අපේ පැරැන්නන් එදා ගසට සැලකුවේ වෘක්ෂ දේවතාවකු වශයෙනි. අද අපි කරන්නේ කුමක්ද?  හිත් පිත් නැති විදුලි කියතකින් ඒ දේවතාවන්  සහමුලින්ම සිඳ දැමීමය.  රටපුරා සිදුවන දැව ජාවාරම්වලට බොහෝ විට දේශපාලකයන්ගේ නම් ගෑවී තිබිම අද සුලබ තත්ත්වයකි. සමහර විට දේශපාලකයන්ගේ නම් කියමින් මේවා පටන්ගත් විට ‍පොලිසිය පවා ඒ පසුපස යෑමට පසුබසින බැවින් දැව කොල්ලකරුවන් එම නම් උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරනවාදැයි අපි නොදනිමු.

Last Updated on Friday, 11 April 2014 03:00

Hits: 68

Read more...

මදුරු මර්දනයේ වඳුරු න්‍යාය

කයිවාරු ගසන තරමට කෙරුවාවක් නැති වීම අද බොහෝ තැනක දැකිය හැකි තත්ත්වයයි. ජාතික ඩෙංගු මර්දන ඒකකය ද ඇතුළත් වන්නේ එම ගොඩට බව නිසැකය.

Last Updated on Thursday, 10 April 2014 03:00

Hits: 42

Read more...

ළඟ එන අවුරුද්ද සහ කුණු බඩු අලෙවිය

වැසිකිළියේ දොරට මුහුණලා සහ තවත් අපවිත්‍ර කාමරයක එළවළු සහ පලතුරු ගබඩා කර තිබූ බවට චෝදනා ලැබූ ගෙලිඔය වෙළෙඳසල් හිමියකු වරද පිළිගැනීම නිසා එම චෝදනා දෙකට අධිකරණය මගින් රුපියල් 5000 සහ 10000 බැගින් දඩ මුදල් නියම කරනු ලැබූ බව ඊයේ ‘රිවිර’ වාර්තාවක දැක්විණ. අලුත් අවුරුද්ද අද වෙළෙඳ මගඩියක් කර ගෙන ඇති තරම දිනපතා ඇසෙන මෙවැනි පුවත් මගින් මැනවින් හෙළිදරව් වේ.

Last Updated on Wednesday, 09 April 2014 03:00

Hits: 39

Read more...

ක්‍රිකට් විරුවන්ට අපේ ප්‍රණාමය

විස්සයි-විස්ස ලෝක කුසලානයේ ක්‍රිකට් ශූරතාව දිනාගෙන ශ්‍රී ලංකාව ලොව ඉහළටම ඔසවා තැබූ අපේ ක්‍රිකට් කණ්ඩායමට ‘රිවිර’ උණුසුම් සුබ පැතුම් පළමුව මෙසේ සඳහන් කරමු. ජිනීවා නාඩගම වැනි ජාත්‍යන්තර කැඳ හැළි නිසා ශ්‍රී ලංකාව ලොව බොහෝ රටවල වපර ඇසට හසුව සිටින සමයක අපේ ක්‍රිකට් කණ්ඩායම මෙම ජයග්‍රහණය රටට අත්පත් කරදීම වඩාත් සාඩම්බර කරුණකි.

Last Updated on Tuesday, 08 April 2014 03:00

Hits: 72

Read more...

මව්බස-ආගම සහ විභාග ප්‍රතිඵල

පසුගියදා නිකුත් වූ 2013 අ‍පොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව පාසල් අයැදුම්කරුවන් 9444 දෙනකු සියලුම විෂයන් අසමත් වී ඇතැයි සෙනසුරාදා ‘රිවිර’ මුල් පුවතින් වාර්තා විය.

Last Updated on Monday, 07 April 2014 03:00

Hits: 75

Read more...

 

W»ly

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.