www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 10.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1500 විකුණුම් මිල (රු) 132.0300 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.3300 විකුණුම් මිල (රු) 222.5100 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.9000 විකුණුම් මිල (රු) 183.7200 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.8800 විකුණුම් මිල (රු) 151.2600 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 117.9800 විකුණුම් මිල (රු) 121.9900 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 120.7200 විකුණුම් මිල (රු) 125.2600 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 103.0300 විකුණුම් මිල (රු) 106.4300 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2623 විකුණුම් මිල (රු) 1.3027

එදා පැල්පත අද මැදුරක්

ගැමි පරිසරයක් වටා ගෙතුණු  කතාවක් සහිත ටෙලිනාට්‍යක් නිර්මාණය කිරීමට නිෂ්පාදක කණ්ඩායමක් තණමල්විල ප්‍රදේශයට පැමිණියේය.
තණමල්විල අවට දුෂ්කරම ප්‍රදේශයක් තෝරාගත් ඔවුන්ට ඒ සඳහා ඉලුක් සෙවිලි කළ කුඩා පැල්පතක් අවැසි විය. ඒ ගැන සොයා බලද්දී ඔවුන් සිතුවාටත් වඩා හොඳ තත්ත්වයේ පැල්පතක් හමුවීම පිළිබඳව පිරිසට ඇති වූයේ අසීමිත සතුටකි. සිය වගා බිම් රැක ගනිමින් එම පැල්පතේ සිටියේ මැදි වයස ඉක්ම වූ අයෙකි.

Last Updated on Wednesday, 09 April 2014 03:00

Hits: 773

Read more...

කවියෙන් ඡන්ද ඔට්ටුවක්

ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන්පසු අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අවස්ථා කීපයක් බලයේ සිටියාය.

Last Updated on Tuesday, 08 April 2014 03:00

Hits: 397

Read more...

උපන් ඇඳුම පිටින් මරතේනිස් ‍පොදු ළිඳේ

කිවු‍ලේමංකඩ මර්තේනිස් කිව්වොත් ඔහු ගැන නොදන්නා කිසිවෙකු මුළු ගමේම නැත. තරුණ වියේ දී චීවරය දරා පසුව හත් වසරකට පසු තරුණ උපාසිකාවක සරණ පාවාගෙන උපැවැදි වූ මර්තේනිස් සිවුරේ සිටියදීත් තුන්වැනි සිල්පදය බිඳීමේ වැරදි කීපයක්ම කර නායක හාමුදුරුවන්ගේ උදහසට ලක් වූවෙකි.

Last Updated on Wednesday, 02 April 2014 03:00

Hits: 1087

Read more...

ලොතරැයියෙන් හඳුනාගත් නෑකම්

පාසල් ගුරුවරයකු වන විජේසේන පරම්පරාවටම සිටින එකම උගතා මෙන්ම රජයේ සේවකයකුද වන විජේසේන පිළිබඳව ඇත්තේ මහත් අභිමානයකි.කාටවත් අත නොපා ජීවත්වීමට පමණක් ආර්ථික හැකියාවක් ඇතත් පවු‍ලේ අනිකුත් අයට මුදලින් උදව් කිරීමට ඔහුට නොහැකි වුවද කළ හැකි වෙනත් සහායක් වෙතොත් පැහැර හරින්නේද නැත.මම මේ නිතරම වගේ ලොතරැයි ටිකට් ගන්නවා. එහෙමවත් වාසනාවක් ලැබුණොත් උඹලා ඔක්කෝම ගොඩ ගන්නවා. විජේසේන නිතරම වාගේ කියන කතාවකි.දිනක් පුවත්පතක් කියවමින් සිටියදී එහි ලොතරැයි ප්‍රතිඵල තිබෙනු දුටුවේය.

Last Updated on Tuesday, 01 April 2014 03:00

Hits: 960

Read more...

පැනයක් අපට දී පිළිතුරු රැගෙන ගිහින්

රුහුණේ කවීන් කවදත් එකමුතුවී හුන් පිරිසකි. එදත් අදත් රුහුණේ අභිමානය හුවා දක්වන ලද රුහුණු කවියන් තැන නොතැන හැඳින කවිපද බැඳුමේ අතිදක්ෂ කවි ශූරයන් වූහ.
මුවින් පිටවන හැම වදනක්ම අර්ථයෙන් සම්පූර්ණත්වයට පත් කරන්නට ඔවුන් නිබඳවම උත්සාහ දැරූහ.

Last Updated on Tuesday, 25 March 2014 03:00

Hits: 586

Read more...

නියම දඬුවමට කලින් අපූරු දඬුවමක්

අම්පාරේ වැව්වල බිලී පිත්තෙන් මාළු ඇල්ලීම සහ කුඩා කොටු සහිත දැල් යොදා මසුන් ඇල්ලීම තහනම්ය. හොඳ මාළු අස්වැන්නක් ලබා ගැනීම සඳහා ක්‍රමවත් වැඩසටහනක් ගමේ ක්‍රියාත්මකව පවතින බැවින් ඇතැමුන් හොර රහසේ බිලී පිත්තෙන් මාළු අල්ලන්නේ ධීවර පරීක්ෂක මහතාට හසු වුවොතින් උසාවි යෑමට සිදුවන බව දැනගෙනය.

Last Updated on Monday, 31 March 2014 19:51

Hits: 330

Read more...

බබුන් කොර්නල් රාලහාමිගේ විශ්වාසෙ රැකපු අපූරුව

පනාගමුවේ කොර්නෙල් රාලහාමිගේ ගෙදර අත්වැඩකාරයෙක් වෙලා හිටපු බබුන් ඉස්සර වැඩ කළේ පීරිස් මුදලාලිගේ සිල්ලර කඩේ ලියන්නෙක් විදියට. මෝඩකම් කරනවා වගේ කපටි වැඩත්, පණ්ඩිතකමුත් කරන බබුන් අන්දරේ කරපු කා‍ලේ වැඩ කරන්නත් දස්සය.

Last Updated on Friday, 21 March 2014 03:00

Hits: 850

Read more...

ලාබෙට කුණු වම්බටු

බොහෝ විට සමාජ සේවා කටයුතුවල ද නිරත, ඔහුට සිය නිවසේ පැවැත්වීමට ගිය දානමය කටයුත්තක් සඳහා වම්බටු ටිකක් ද ඕනෑ විය. එය ඒ හැටි ගැටලුවක් ලෙස නොසිතුවේ ඔහු එළවළු වෙළෙන්දෙක්, ගොවියෙක් හෝ ඒ ගැන දන්නා කෙනෙකු නොවුණත් සිය මිතුරකු එළවළු තොග වෙළෙන්දෙකු ලෙස කටයුතු කරන නිසාය.

Last Updated on Friday, 21 March 2014 03:00

Hits: 620

Read more...

විදුලි පුවතේ නම මාරුවී පටලැවිල්ලක්

එම විදුහල්පතිවරයා ළඟදී එම පාසලට පත්ව ආ අයෙකි. ඔහු එදින පාස‍ලේ ගුරුවරුන්ගේ පැමිණීමේ ‍ලේඛනය පරීක්ෂා කරමින් සිටියදී තැපැල්කරු පැමිණ විදුලි පුවතක් භාරදී පිටව ගියේය.

Last Updated on Friday, 14 March 2014 03:00

Hits: 956

Read more...

අගට බැඳි අකුරු යොදා කියූ ජයවික්‍රමයන්ගේ කවියක තරම

අද මෙන් එදා ද කවිය කරළියේ රැව් දුන්නේය. වෙසෙසින්ම හිටිවන කවියට ඒ අතර මුල් තැනක් හිමි විය. කවිය නැති සභාව ලුණු නැති හොද්දක් සේ සැලකූ නිසා බොහෝ දේශපාලනඥයින් පරසිදු කවීන් ළං කරගෙන ඔවුන්ගේ කවි සුවඳින් බැබළෙන්නටත් සිය නම පතල කරගන්නටත් දැඩි උත්සාහයක් ගත්හ.

Last Updated on Tuesday, 18 March 2014 17:33

Hits: 351

Read more...

සිරිමල් අයියා දුටු සිහිනේ

සිරිමල් අයියාගේ රැකියාව හේන් ගොවිතැනයි. මොහු සමග කතාබහ කිරීමට බොහෝ දෙනා රුචිකත්වයක් දක්වන්නේ හොඳ රසවත් කතා කීමට රුසියකු නිසාය. දිනක් කඩමණ්ඩියට පැමිණි මොහු ආප්ප කඩේ ඉඳන් කිව්ව කතාවක්  මෙසේය.

Last Updated on Wednesday, 12 March 2014 03:00

Hits: 861

Read more...

ඇයි මල්ලියෙ අපට මෙහෙම කළේ ?

මෙම කතාවට සම්බන්ධ අඹුසැමි යුවළ ජීවත් වූ නිවස පිහිටියේ නාගරික ප්‍රදේශයකය. ආරක්ෂක අංශයක සේවය කළ මොහු විවාහ වී සිටින්නේ පාසල් ගුරුවරියක සමගය. ආරක්ෂක සේවයෙන් ඉවත්ව තේ අක්කර දෙකක් පමණ මිලදී ගෙන එහි කටයුතු කරමින් සිටින මොවුන්ගේ පවු‍ලේ ආර්ථිකය ඉතා යහපත්ය.

Last Updated on Tuesday, 11 March 2014 03:00

Hits: 1094

Read more...

අනේද කියන්නෙ - බාබර් සාප්පුවේ කාලය කන කොල්ලන්ට ⁄ දුන්නා කවියෙන්ම පල්ලම් බසින්නට

තැන්නහේන හන්දියෙ පාසලට හැරෙන පාර ළඟ තිබුණ පීරිස් මාවතේ බාබර් සාප්පුව හැම වෙලාවෙම රස්තියාදුකාර කොල්ලන්ගෙන් පිරිලයි තිබුණේ. වෙලාවකට පීරිස් මාමට ඌරු කේන්තියි - ඇයි හත්වලාමේ කොණ්ඩෙරුවුල කපා ගන්න එන එකකුටවත් මුන් හින්දා ආපු වැඩේ කරගන්න විදියක් නැතිහින්දා.

Last Updated on Monday, 10 March 2014 03:00

Hits: 668

Read more...

බළන්ගොඩ සත්තිකුම්භ ගිරවෙක්

සේන එන්. හේවගේ - හිතවතුන් සිව්දෙනකු වෑන් රථයකින් මළගෙදරකට ගොස් අපසු ඒද්දී වාහනය පාර අයිනේ නතර කරන්නැයි රියැදුරුට පැවසුවේ මෙම අවස්ථාවේ මොවුන්ට මූත්‍රා කිරීමේ අවශ්‍යතාවක් තිබූ නිසාය. වාහනය නතර කර පාරට බැස බලන විට විදුලි ආලෝකය තිබූ හෙයින් අතුරු පාරක් දිගේ මීටර් දහයක් පමණ ගොස් නතර වී අදාළ කෘත්‍යය කරන්නට සැරසෙද්දී “හොරක්... හොරෙක්...” යැයි ගිරවුන් දෙදෙනෙක් කෑගසනු ඇසුණි.

Last Updated on Friday, 07 March 2014 03:00

Hits: 846

Read more...

මධ්‍යම පළාතට පිටපළාත්වලින් ගවයින් ගෙන ඒම තහනම්

මධ්‍යම පළාත තුළට පිට පළාත්වලින් ගවයින් ගෙන ඒම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගව කුර හා මුඛ රෝග වසංගත පැතිරයාම පාලනය සඳහා මෙම තීරණය ගත් බව පළාත් අධ්‍යක්ෂ කු‍ලේෂ්වර් කුමාර් මහතා පැවසුවේය.

Last Updated on Wednesday, 05 March 2014 03:00

Hits: 343

Read more...

 

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.